බස්‌නාහිර ගුරු වැටුප් ගෙවන්න ආණ්‌ඩුව තවම මුදල් දී නෑ

මහ ඇමැති ප්‍රසන්න රණතුංග

චමින්ද සිල්වා

බස්‌නාහිර පළාතේ ගුරුවරුන්ගේ වැටුප් සහ හිඟ වැටුප් ගෙවීම සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2953 මුදල රජය මෙතෙක්‌ ලබාදී නැතැයි බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඊයේ (07 වැනිදා) පැවැසීය.

මේ හේතුවෙන් ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව වැටුප් සහ හිඟ වැටුප් ගෙවීම පිළිබඳ ගැටලු මතුවී ඇතැයිද හෙතෙම කීය. බස්‌නාහිර පළාතේ පාසල් 1269 ක සේවය කරන ගුරුවරුන් 33,648 දෙනකුට මෙය බලපාන බවද රණතුංග මහතා අවධාරණය කළේය.

ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව බස්‌නාහිර පළාතේ ගුරුවරුන්ට මේ වසරේ වැටුප් ගෙවීමට අවශ්‍ය මුදල රුපියල් මිලියන 453 කි. මෙම ගුරුවරුන් සඳහා ගුරු සේවා ව්‍යවස්‌ථාවට අනුව 2008 වසරේ සිට හිඟ වැටුප් ගෙවීම සඳහා රුපියල් මිලියන 2,500 ක මුදලක්‌ද අවශ්‍ය වේ. මෙම ප්‍රතිපාදන ලබාදෙන ලෙස බස්‌නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරිය මගින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ඉල්ලීම් කර ඇතත් මෙතෙක්‌ ඊට ප්‍රතිචාර ලැබී නැතැයි රණතුංග මහතා කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.