ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව ගෙවන්නත් මුදල් ලැබී නැහැ

රනිල් ධර්මසේන

මාසිකව ලබාදෙන ජ්‍යෙෂ්ඨ පුරවැසි දීමනාව මෙම මාසයේ ලබාදීම සඳහා මේ වනතෙක්‌ භාණ්‌ඩාගාරය අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කර නැතැයි සමාජ සේවා අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.

මෙම මාසික දීමනාව පසුගිය 05 වැනිදා ගෙවීමට කලින් සැලසුම් කර තිබුණ ද එය දින නියමයක්‌ නොමැතිව කල් දමා තිබේ.

වයස අවුරුදු 70 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට උපරිමය රුපියල් 2000 බැගින් මාසිකව...

තැපැල් කාර්යාල මගින් ලබාදෙනු ලැබීය.

භාණ්‌ඩාගාරය මගින් මුදල් වෙන් කරන තෙක්‌ අමාත්‍යාංශයට මෙම දීමනාව ගෙවන දිනය ප්‍රකාශ කළ නොහැකිව සිටියි.

මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට සමාජ සේවා අමාත්‍යාංශයේ ලේකම් හා වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.