වෑන් රිය ප්‍රපාතයට පෙරළී 4ක්‌ මියයති

12 දෙනකුට තුවාල


මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

මාතලේ, ඇල්කඩුව, සෙම්බුවත්ත ප්‍රදේශයේදී ඊයේ (07 වැනිදා) සවස 3.00 ට පමණ වෑන් රථයක්‌ ප්‍රපාතයකට පෙරළී යැමෙන් සිවුදෙනකු මියගොස්‌ 12 ක්‌ තුවාල ලබා ඇත.

ඇල්කඩුව, සෙම්බුවත්ත දියඇල්ල නැරඹීමට පැමිණ ආපසු යමින් සිටි සංචාරකයන් පිරිසක්‌ රැගත් වෑන් රථය ප්‍රපාතයට පෙරළී ගොස්‌ ඇති බව මාතලේ මූලස්‌ථාන පොලිසිය පවසයි.

අනතුරින් කාන්තාවන් දෙදෙනකු සහ පිරිමින් දෙදෙනකු මියගොස්‌ ඇත. 12 දෙනකු තුවාල ලබා ඇති අතර දරුවන් 06 දෙනකු ඒ අතර සිටින බවද පොලිසිය පවසයි. ඔවුන් මාතර, ඉසදින් නගරයේ පදිංචිකරුවන් බවද පොලිසිය පැවැසීය.

බරපතළ තුවාල ලැබූ දරුවන් දෙදෙනකු මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත. සෙසු රෝගීහු මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබති.

වෑන් රථයේ 16 දෙනකු ගමන් කර ඇති අතර තුවාලකරුවන් රෝහල්ගත කිරීමට ප්‍රදේශවාසීන් යුහුසුළුව පියවර ගෙන ඇත.

මාතලේ මූලස්‌ථාන පොලිසිය වැඩි දුර විමර්ශන සිදු කරයි.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.