ඇමැති රිෂාඩ් සමග බෑ කියා
තවත් සභාපති කෙනෙක්‌ අස්‌වෙන්න හදයි


සුරේෂ් පෙරේරා

පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයාගේ ඉල්ලා අස්‌වීමෙන් පසු වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශයට අයත් ප්‍රමුඛ ආයතනයක සභාපතිවරයෙක්‌a ඉදිරියේදී තම ධුරයෙන් ඉවත් වීමට සූදානම්ව සිටින බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

වෙළඳ අමාත්‍යාංශය භාර ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා සමග කටයුතු කළ නොහැකි යෑයි පවසමින් පාරිභෝගික අධිකාරියේ සභාපති රූමි මර්ෂුක්‌ මහතා ඉකුත් සතියේ එම ධුරයෙන් ඉවත් විය.

මෙම සභාපතිවරයා ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත්තේ අමාත්‍යවරයාගේ අනිසි බලපෑම් නිසා බව එම අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.