කොටි නායකයන් භාරවීම ගැන ඇත්ත කරුණානිධි හෙළි කළ යුතුයි

ආනන්දි සසිධරන් කියයි


චතුර පමුණුව

කොටි නායකයන් හමුදාවට භාරවීම පිළිබඳ සැබෑ සත්‍යය තමිල්නාඩු විපක්‍ෂ නායක එම්. කරුණානිධි හා ඔහුගේ දියණිය වන කනිමෝෂි විසින් ලොවට හෙළි කළ යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි සසිධරන් කියයි.

ආනන්දි හිටපු කොටි නායක එලිලන්ගේ බිරියයි.

මැයි 16 වැනිදා රාත්‍රි 8 ට පමණ කනිමෝෂි සමග පැවැත්වූ දුරකථන සංවාදයෙන් පසුව සිය සැමියා හමුදාවට භාරවීමට තීරණය කළ බව ආනන්දි හින්දු පුවත්පතට ප්‍රකාශ කර තිබිණි.

එම නිසා කරුණානිධි හා කනිමෝෂි මේ පිළිබඳව කරුණු හෙළි කළ යුතු බව පළාත් සභා මන්ත්‍රීවරිය කීය. මැයි 18 වැනිදා උදෑසන 8 ට පමණ මුලතිව් දිසාපති කාර්යාලය අසලදී තම සැමියා හමුදාවට භාර වූ බව ඇය කිsයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.