ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කොළඹ ට කැඳවයි

චතුර පමුණුව

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ මහාචාර්ය සුදර්ශන් සෙනවිරත්න මහතාට යළි කොළඹට පැමිණෙන්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් දැනුම් දී ඇත.

දිල්ලියේ මහ කොමසාරිස්‌ ධුරයට පත් වී වසරක්‌ ඇතුළතදී මහාචාර්යවරයාට යළි පැමිණෙන්නැයි කරනු ලැබූ දීම බොහෝ දෙනාගේ විමතියට හේතු වී ඇත.

දිල්ලි විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ සෙනෙවිරත්න මහතා ජවහර්ලාල් විශ්වවිද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලැබීය. ඉන්දියාව පිළිබඳව, හින්දි භාෂාව පිළිබඳව උගතකු හා මහාචාර්යවරයා මෙලෙස යළි කැඳවීම පිළිබඳව ඉන්දීය මාධ්‍ය පවා විමතිය පළකර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ප්‍රධානියා ලෙස වසර දහයකට අධික කාලයක්‌ සේවය කර ඇති මහාචාර්යවරයා ඉන්දියාවේ පුරාවිද්‍යා කැණීම් කටයුතුවලටද සහභාගි වී ඇත.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.