ගෑස්‌ මිල ඉහළ යාමක්‌ නෑ

ලිට්‌රෝ සමාගම කියයි

ශ්‍යාම් නුවන් ගනේවත්ත

මේ අවස්‌ථාවේ ගෑස්‌ මිල ඉහළ නැංවීමට කිසිදු සූදානමක්‌ නැතැයි ලිට්‌රෝ ගෑස්‌ සමාගමේ සභාපති ශලීල මුණසිංහ මහතා පසුගිය 04 වැනිදා කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි එම සමාගම් ප්‍රධාන කාර්යායේදී පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

ගෑස්‌ හිගයක්‌ පවතින බවට සහ මිල ඉහළ යන බවට පැතිර යන කට කතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ද මුණසිංහ මහතා කීවේය.

ගෑස්‌ මිල ඉහළ යනු ඇතැයි පැතිර ගිය කටකතා හේතුවෙන් ඇතැමුන් ගෑස්‌ තොග සැගවීමට උත්සහ දැරීම මෙම කෘතිම ගෑස්‌ හිගයට හේතුව බවත් එසේ නොමැතිව සැබෑ ලෙස ගෑස්‌ හිගයක්‌ රට තුළ නොමැති බවත් අවධාරණය කළ ඒ මහතා කියා සිටියේ ඊයේ දිනයේ ද සාමාන්‍ය පරිදි ගෑස්‌ බෙදා හැරීම සිදු කළ බවයි.

එම මාධ්‍ය හමුවේදී ගෑස්‌ මිල ඉහළ යන්නේ දැයි මාධ්‍යවේදීන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් මුණසිංහ මහතා මේ බව කියා සිටියේය. මුදල් ඇමැති රවී කරුණානායක මහතා පසුගිය දා ප්‍රකාශ කළ පරිදි ම ගෑස්‌ මිල ඉහළ නැංවීම මේ මොහොතේ සිදු නොවන බව ද ඔහු කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.