හිටපු ජනපති පුටුව ලකුණින් තරග කිරීමට
කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැහැ

- දි. මු. ජයරත්න


ජයසූරිය උඩුකුඹුර

ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පොදු ජන එක්‌සත් පෙරමුණ "පුටුව" ලකුණින් තරග කිරීමට මේ දක්‌වා කිසිදු සාකච්ඡාවක්‌ පවත්වා නැති බව හිටපු අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතා "දිවයින" ට පැවැසීය.

හිටපු ජනාධිපතිවරයාට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් නාම යෝජනා ලබා ගෙන මැතිවරණයට ඉදිරිපත් වීමට කිසිදු බාධාවක්‌ ඇති නොවන බවද ජයරත්න මහතා පෙන්වා දෙයි. මැතිවරණයට පෙර හෝ මැතිවරණය අතරතුර අගමැති අපේක්‍ෂකයකු නම් කිරීමට වඩා ඡන්දයෙන් ජයග්‍රහණය කරන බහුතර මන්ත්‍රීන්ගේ කැමැත්ත තිබෙන පුද්ගලයාව පාර්ලිමේන්තුවේ අගමැතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයාට සිදු වන බවද මැතිවරණයෙන් පසු බහුතර මන්ත්‍රී කැමැත්ත මහින්ද රාජපක්‍ෂ මහතා ලබා ගත හොත් අගමැති ධුරයට ඔහුව පත් කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කරනු ඇති බව තමාට විශ්වාස බවද ජයරත්න මහතා සඳහන් කරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.