හොරට බඩු කිරූ මඩකලපුවේ වෙළෙඳුන්දෝ කොටුවෙති

මඩකලපුව - ජවුෆර්කාන්

මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ නීති විරෝධී අන්දමින් මුද්‍රා නොතබන ලද කිරුම්, මිණුම් උපකරණ භාවිත කළ වෙළෙඳ සැල් 260 ක්‌ මිණුම් ඒකක ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව විසින් හදිසි වැටලීම් සිදුකළ බව දෙපාර්තමේන්තු දිස්‌ත්‍රික්‌ භාර නිලධාරී ඒ. එල්. නවුසාත් පැවැසීය.

අදාළ වෙළෙඳ සැල්වල නීති විරෝධී අන්දමින් මුද්‍රා නොතබන ලද කිරුම්, මිණුම් උපකරණ භාවිත කළ 27 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහි නඩු තබා දඩ මුදල් අය කරනලදී. පසුගිය මාස පහක්‌ තුළදී මෙම කටයුතු සිදුකරන ලදී.

මේ අතර ජනවාරි මාසයේ සිට ඊයේ පටන් කිරුම්, මිනුම් උපකරණවලට මුද්‍රා තැබීමෙන් මෙම දෙපාර්තමේන්තුවට රුපියල් දස ලක්‍ෂ හැටතුන් දහසක මුදල් ලැබී ඇති බව ඒ මහතා පැවැසීය.

තවද මෙම දිස්‌ත්‍රික්‌කයේ නව වසර සඳහා කිරුම්, මිනුම් උපකරණ සඳහා මුද්‍රා තැබීම් කටයුතු ආරම්භ කර ඇති බව ඒ මහතා තවදුරටත් පැවැසීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.