හොර මත්පැන් වටලන්න ගිය
වැල්ලවාය පොලිස්‌ ලොක්‌කාට මැර ප්‍රහාරයක්‌

මොණරාගල - නයන ඉහලගෙදර

වැල්ලවාය පොලිස්‌ බල ප්‍රදේශයට අයත් වැල්ලවාය වෙහෙරගල කම්මල් හන්දිය ප්‍රදේශයේ නීති විරෝධී ලෙස මත්පැන් අලෙවි කරන පුද්ගලයෙක්‌ අත්අඩංගුවට ගැනීමට ගිය අවස්‌ථාවේ වැල්ලවාය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් දෙදෙනකුට මැර ප්‍රහාරයක්‌ එල්ල වී ඇත.

මෙලෙස මැර ප්‍රහාරයට ලක්‌වී ඇත්තේ වැල්ලවාය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එන්. පී. විජිත පෙරේරා මහතා සහ පො.කො.(35664) කන්නන්ගර නමැති පොලිස්‌ නිලධාරීන් දෙදෙනායි.

මැර ප්‍රහාරයට ලක්‌වූ පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොණරාගල දිස්‌ත්‍රික්‌ මහ රෝහලට මාරුකර යවා ඇත.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන (06දා) වැල්ලවාය මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ, මොණරාගල කොට්‌ඨාශ භාර පොලිස්‌ අධිකාරිවරයාගේ උපදෙස්‌ පරිදි වැල්ලවාය පොලිසිය මගින් සිදුකරයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.