සංවර්ධන වැඩවලට බාධා කරන |
ඕඅයිසීට එරෙහිව කොටිකාවත්තේ මන්ත්‍රීවරු විරෝධතාවක


ප්‍රියන්ත මද්දුමආරච්චි

කොටිකාවත්ත - මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කිත්තම්පහුව ශ්‍රී විවේකාරාම පාරේ වැසි ජලය ගලා යැමට කාණු පද්ධතියක්‌ කැපීමට ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හිටපු සභාපති පී.එස්‌. පෙරේරා මහතා සහ ප්‍රාදේශීය සභා සේවක පිරිසකට වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ කණ්‌ඩායමක්‌ පැමිණ බැණවැදී තර්ජනය කර ඇත.

වැසි දිනවලට එම පාරේ ගමන් කළ නොහැකි තත්ත්වයක්‌ ගැන ප්‍රදේශවාසීන් විසින් ප්‍රාදේශීය සභාවට කළ දැනුම් දීමකට අනුව එම පාරේ කාණු පද්ධතිය සැකසීමට ගිය පිරිසට මෙම තර්ජනය නිසා එය කරගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

එම ප්‍රදේශයේ එක්‌තරා ඉඩම් හිsමියෙකු විසින් පොලිසියට කරන ලද දුරකථන ඇමතුමකට අනුව වහා ක්‍රියාත්මක වී ඇති පොලිසිය මෙම සමාජ සද්කාරය නවතා දමා ඇත. මෙම තර්ජනය හමුවේ එම කටයුත්ත අතහැර තම නිවස වෙත ගිය පී.එස්‌. පෙරේරා මන්ත්‍රීවරයාගේ නිවසටද ගිය පොලිසිය නැවතත් තර්ජනය කර බැණ වැදී ඇත.

ඒ අනුව ඉකුත් 26 වැනිදා රැස්‌වූ කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සියලු මන්ත්‍රීවරු වැල්ලම්පිටිය පොලිස්‌ ස්‌ථානාධිපති ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමේ එම ක්‍රියාව හෙළා දැකීම සඳහා කළු පටි බැඳ විරෝධතා පුවරුද සමගින්

රැස්‌වීමේ කටයුතු සිදු කරනු දක්‌නට ලැබිණි.

"වැල්ලම්පිටිය ඕ. අයි. සී. දේශපාලන අතකොළුවක්‌" වැල්ලම්පිටිය ඕ.අයි. සී.ට කතා කරන්න උගන්වන්න" මහජනයාට ගරු නොකරන ඕ.අයි.සී. අපට එපා. යන විරෝධතා පවුරු රැගෙන ප්‍රසන්න සෝලංගආරච්චි ප්‍රධාන මන්ත්‍රී කණ්‌ඩායම සිය විරෝධතා දක්‌වූහ.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.