කුරුණෑගල නගරාධිපතිගේ නිවසට
පහර දුන් "හිට්‌ලර්" ඇතුළු කල්ලිය දැලේ

ආර්. එම්. ඩබ්. බණ්‌ඩාර - කුරුණෑගල

කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ නිවසට ඔහුගේ පෞද්ගලික මෝටර් රථයට සහ නගරාධිපතිවරයාගේ සමීපතමයකුගේ නිවසට ඇතුළු වෙළෙඳසලකට පහරදී විනාශ කළ මොහොමඩ් ෂාලි නොහොත් "හිට්‌ලර්" ඇතුළු කණ්‌ඩායම කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්‌ නිලධාරීන් විසින් පසුගිය 06 දින අත්අඩංගුවට ගෙන ඊයේ (07 දා) කුරුණෑගල වැඩ බලන මහෙස්‌ත්‍රාත් වෙත ඉදිරිපත් කරන ලදී.

පසුගිය 4 දින රාත්‍රි 12.50 ට පමණ කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ ගැට්‌ටුවාන ප්‍රදේශයේ පිහිටි නිවසට එම ප්‍රදේශයේම වෙළෙඳසලකට "හිට්‌ලර්" ඇතුළු සිව්දෙනාගේ කල්ලිය ආයුධ සන්නද්ධ ත්‍රිරෝද රථයකින් පැමිණ මෙසේ පහරදී ඇත.

කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සේනාරත්න, සහකාර පොලිස්‌ අධිකාරි ඩබ්. සිල්වා, කුරුණෑගල මූලස්‌ථාන පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක එම්. එස්‌. ඡේ. වික්‍රමනායක මහත්වරුන්ගේ උපදෙස්‌ මත උ.පො.ප. සමන් බණ්‌ඩාර, පො.සැ. (9271) නිහාල්, පො.සැ. (3675) කීර්ති රාජපක්‍ෂ, පො.කො. (58584) සමන්ත සහ පො.කො. (21933) කාලිංග පොලිස්‌ නිලධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලදී.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.