සිසුන් 10 ක්‌ පටවාගෙන ගිය ත්‍රිරෝද රථය පෙරළී දෙදෙනකුට තුවාල

රියෑදුරු අත්අඩංගුවට


බළන්ගොඩ - එන්. එච්. පියසේන

බළන්ගොඩ රාස්‌සගල මාර්ගයේ වැවේවත්ත මාර්ගයේදී (5දා) පාසල් සිසු දරු දැරියන් දහයක්‌ නංවාගත් ත්‍රිරෝද රථයක්‌ තවත් වාහනයක්‌ පසුකර යැමට උත්සාහ ගනිද්දී එය මාර්ගයේ මැද පෙරලී යැමෙන් සිසු දරුවන් දෙදෙනකු තුවාල ලබා බළන්ගොඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ. මෙම ත්‍රිරෝද රථයේ රියදුරු වන කේ. ඩී. ඒ. ආරියසේන නමැති අය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු (16දා) බළන්ගොඩ මහෙස්‌ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. සිද්ධිය පිළිබඳව බළන්ගොඩ පොලිසියේ ස්‌ථානාධිපති ප්‍ර.පො.ප. ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස්‌ පරිදි රථවාහන අංශයේ පො.සැ. (30189) ජයසිංහ පො.කො.(5389) දිසානායක යන මහත්වරු පරීක්‍ෂණ සිදුකරති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.