'ජාතික ආණ්‌ඩු ඵලදායී වන්නට ජාතික ප්‍රතිපත්තියක්‌ හැදීම වැදගත්'

- අශ්රොෆ් අසීස්‌

ජාතික ආණ්‌ඩු සංකල්පය වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක වීමට නම් ජාතික ප්‍රතිපත්තියක්‌ මත කටයුතු කිරීම වැදගත් බවත් එවැන්නක්‌ සම්පාදනය කරන්නට උනන්දු වන ලෙස තම පක්‍ෂය යෝජනා කර සිටින බව අසීස්‌ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ නායක අශ්රොෆ් අසීස්‌ මහතා පැවසීය.

අසීස්‌ මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

තම පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අබ්දුල් අසීස්‌ මහතා එදා සර්වපාක්‌ෂික සමුළුවට පවා ඔහු එම යෝජනාව කළ බවද අසීස්‌ මහතා කීය.

අධ්‍යාපනය, ආර්ථිකය කෘෂිකර්මාන්තය, රැකියා ප්‍රශ්න, වැවිලි කර්මාන්තය, සංස්‌කෘතික, ආගමික සහජීවනය, භාෂා ප්‍රශ්නය, ජනවාර්ගික ගැටලු ආදී විෂයන්ට අදාළ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී එවන් ජාතික ප්‍රතිපත්තියක්‌ මත ක්‍රියාකිරීම අර්බුද අවම කර ගැනීමට වැරදි ක්‍රියාවන්ට පෙළඹීම අවමකර ගන්නටත් හේතුවනු ඇති බවද අසීස්‌ මහතා කීය.

විශ්වාසභංග යෝජනා ගෙන ඒම පිළිබඳව එහිදී අදහස්‌ දැක්‌වූ අසීස්‌ මහතා විශ්වාසභංග අද ගෙන එන්නේ සුළුතර බලයක්‌ සහිත අස්‌ථාවර රජයකට එරෙහිවයි. මහා මැතිවරණයක්‌ ද ආසන්නයේ තම තමන්ගේ පක්‍ෂවල දේශපාලන අරමුණු මතම පදනම්ව ගෙන එන බවත් යෝජනා ගැන ජනතාව එතරම් තැකීමක්‌ නොකරන්නට ඉඩ ඇති බවද කීය. රටේ අර්බුද හා දේශපාලන අස්‌ථාවරභාවයන් ඇති කිරීම මේ මොහොතේ අපේ අරමුණ නොවිය යුතු බවද හෙතෙම කීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.