ඩී. වී. උපුල් සී.අයි.ඩියට!

නෝමන් පලිහවඩන

තිස්‌සමහාරාම වීරවිල පැවැති රැස්‌වීමකදී පොලිසියට ගල් ගහලා මරා දමන බවට ප්‍රකාශයක්‌ කළ දකුණු පළාත් සභාවේ ඇමැති ඩී. වී. උපුල් මහතාගෙන් අද රහස්‌ පොලිසිය ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.

උපුල් මහතා මේ බව "දිවයින" ට ඊයේ (7 දා) දුරකථනයෙන් ප්‍රකාශ කළේය.

තමාගෙන් රහස්‌ පොලිසිය ප්‍රශ්න කරනවා සේම යකෙක්‌ වෙලා මහින්ද මහත්මයාව මරාගෙන කන බවට මීට කලකට පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක්‌ කළ හිමිනමගෙන් ද ප්‍රශ්න කළ යුතුව ඇති බව ද හෙතෙම කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.