දැරියක්‌ පැහැර ගැනීමේ සිද්ධියට සැකකාරියක්‌ අත්අඩංගුවට

වත්තේගම අතිරේක - එන්. විමලසිරි

පැහැරගෙන ගොස්‌ නවයාලතැන්න ජම්බුගහපිටිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස්‌ සිටියදී හමුවූ දහහත් හැවිරිදි (17) දැරියකගේ දෙමාපියන් විසින් වත්තේගම පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් එක්‌ සැකකාරියක මේ වන විට වත්තේගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

2015 මැයි 23 වැනිදා වත්තේගම පොල්ගොල්ල ප්‍රදේශයේදී මෙම දැරිය වෑන් රථයකින් පැහැරගෙන ගොස්‌ තිබුණ බව වත්තේගම පොලිසිය පවසයි.

වත්තේගම පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සමන් කුමාරසිරි මහතාගේ උපදෙස්‌ මත අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‍ෂණ සිදුකෙරේ. සැකකාරිය තෙල්දෙණිය මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.