තවත් දුම්රිය මැදිරි 150ක්‌ ගෙන්වනවා
අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුමබණ්‌ඩාර



ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා ත්‍රිකුණාමලය දුම්රිය ස්‌ථානයට පැමිණි අවස්‌ථාව.


ත්‍රිකුණාමලය - සමන් මල්ලවආරච්චි

දුම්රිය බලඇණිය තවත් ශක්‌තිමත් කිරීමට දුම්රිය මැදිරි 150 ක්‌ සහ එන්ජින් කිහිපයක්‌ හැකි ඉක්‌මණින් ගෙන්වා ගැනීමටත් ත්‍රිකුණාමලය සඳහා තවත් නව දුම්රියක්‌ ධාවනය කරවීමටත් තමා බලාපොරොත්තු වන බව අභ්‍යන්තර ප්‍රවාහන ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා පැවසීය.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ත්‍රිකුණාමලය - දුම්රිය ස්‌ථානය හා ශ්‍රී ලංගම ඩිපෝ පරීක්‍ෂාවේ යෙදුණු අවස්‌ථාවකදීය.

මෙහිදී කතාකළ ඇමැති රංජිත් මද්දුම බණ්‌ඩාර මහතා මෙසේ ද කීවේය.

අද දුම්රිය මගීන් දුම්රිය සේවයෙන් බලාපොරොත්තු වන්නේ සුව පහසු ගමනා ගමන සේවාවක්‌. රජයක්‌ වශයෙන් පහසුකම් ලබාදෙන්න අප බැඳිලා ඉන්නවා. මේ නිසා තමයි අපි දුම්රිය බලඇණියට තවත් දුම්රිය මැදිරි 150 ක්‌ හා එන්ජින් කිහිපයක්‌ ගෙන්වන්න තීරණය කළේ. ත්‍රිකුණාමලයට කොළඹ සිට තවත් නවතම දුම්රියක්‌ යොදවන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ත්‍රිකුණාමලය සිට මඩකලපුවට දුම්රිය යන්න හරි ප්‍රමාද වෙනවා. එහෙම යන්න මඩකලපුවේ සිට ගල්ඔයට හෝ මහවටම එන්න ඕනෑ. අපි මේ තත්ත්වය මගහරින්න කුරුණෑගල සිට හබරණ දක්‌වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු කඩිනමින් ඉදිකිරීම් කටයුතු අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ විතරක්‌ නෙවෙයි, ඉදිකිරීමට යෝජිත සාම්පූර් තාප බලාගාරයට ගල් අඟුරු, ගෙනියන්නත් ත්‍රිකුණාමලය දුම්රිය ස්‌ථානයේ පහසුකම් ඇති කරනවා යෑයි පැවසීය. මෙම අවස්‌ථාවට දුම්රිය නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයෝ කිහිප දෙනෙක්‌ ද සහභාගි වූහ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.