මුස්‌ලිම් පරිපාලන දිස්‌ත්‍රික්‌කයක්‌ ඉල්ලා ජනපතිට ලිපියක්‌

චතුර පමුණුව

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර යෝජිත මුස්‌ලිම් පරිපාලන දිස්‌ත්‍රික්‌කය ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක්‌ යවමින් සඳහන් කර සිටී.

මෙම ලිපිය යොමුකර ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසයේ සභාපති බෂිර් සේගු දාවුඩ් විසිනි.

පසුගිය ජනපතිවරණයේදී පොදු අපේක්‍ෂකයාට සහාය ලබා දුන්නේ මේ ඉල්ලීම වෙනුවෙන් බව එම ලිපියේ සඳහන් වේ.

2002 පැවති එක්‌සත් ජාතික පෙරමුණු රජයත් වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇති කිරීම සඳහා කටයුතු කළ ද එය සාර්ථක නොවූ බව එම ලිපියේ සඳහන්ය. 1982 දී හිටපු ජනපති ඡේ. ආර්. ජයවර්ධන මහතාටත් වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක්‌ ඇතිකිරීම පිළිබඳ යෝජනාවක්‌ ඉදිරිපත් කළ බව බසීර් සේගු දාවුඩ් කියයි.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.