දින දෙකට රිය අනතුරුවලින් මරණ 26 ක්‌

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

ගතවූ දින දෙකක (05 සහ 06) කාලයේ සිදුවූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් විසිදෙදෙනකු මරුමුවට පත්වී ඇතැයි පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

මෙම රිය අනතුරු බොහෝමයකටම හේතු වී ඇත්තේ රියෑදුරන්ගේ හා පදිකයන්ගේ නොසැලකිලිමත්කම බව පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර මහතා "දිsවයින"ට ඊයේ 07 වැනිදා පැවැසීය.

අදාළ රිය අනතුරු අලවතුගොඩ, සීදුව, ජා-ඇල, මන්නාරම, නිට්‌ටඹුව, ඇහැලියගොඩ, වරකාපොල, ඇඹිලිපිටිය, ඇල්කඩුව, තිස්‌සමහාරාමය, අනුරාධපුර, කැකිරාව යන ප්‍රදේශවලදී සිදුවී ඇත. මේ අතර වැරදි කරන යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.