පළාත් පාලන ආයතන අසූවකට ප්‍රතිපාදන

චමින්ද සිල්වා

නිල කාලය අවසන්ව නිලධාරීන් යටතට පත්ව ඇති පළාත් පාලන ආයතන අසූවකට ලක්‍ෂ දහය බැගින් මාසිකව ලබාදීමේ වැඩසටහනක්‌ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා ප්‍රාදේශීය සංවර්ධන පිළිබඳ ඇමැති කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07 වැනිදා) බත්තරමුල්ල අපේගම පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

නිල කාලය අවසන්ව මේ වන විට පළාත් පාලන ආයතන 231 ක්‌ පවතී. ඉන් වාර්ෂිකව මිලියන දහයක ආදායමක්‌ උපයන්නේ නැති පළාත් පාලන ආයතන අසූවක්‌ සඳහා මෙම මුදල් ලබාදෙන බව ඇමැති කරු ජයසූරිය මහතා පැවැසීය.

මැයි මාසයට අදාළ මුදල් සඳහා අදාළ චෙක්‌පත් එහි නිලධාරීන්ට (නාගරික කොමසාරිස්‌ හෝ නාගරික ලේකම්) බාරදීමද ඇමැතිවරයා අතින් මෙහිදී සිදුවිය.

මෙම මුදල් උපයෝගි කරගෙන පළාත් පාලන ප්‍රදේශය තුළ සංවර්ධන ව්‍යාපෘති සඳහා යෙදවීමට කටයුතු කළ යුතුය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.