ගාල්ල කොටුවේ හොර කච්ෙච්රිය වටලයි

නිල මුද්‍රd 48 ක්‌ හා සැකකරුවෙක්‌ අත්අඩංගුවට



අත්අඩංගුවට පත් ලිපි ලේඛන පරීක්‍ෂා කරන පොලිස්‌ නිලධාරීන්


ගාල්ල එස්‌. කේ. කළුආරච්චි, ලලිත් චාමින්ද, හිනිදුම, රවීන්ද්‍ර චන්ද්‍රලාල් - හබරාදුව, ඒ. එල්. ඒ. ආරියරත්න, අහංගම - සුගතපාල දීයගහගේ

නීති විරෝධී ලෙස ගාල්ල කොටුවේ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලිපි ලේඛන හා බලපත්‍ර නිකුත් කරන හොර කච්ෙච්රියක්‌ වැටලූ හබරාදුව පොලිසිය ලිපි ලේඛන නිල මුද්‍රd තොගයක්‌ ද සමග එක්‌ සැකකරුවකු ඊයේ (07 දා) පස්‌වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

කලක්‌ තිස්‌සේ රහසිගතව ගාල්ල කොටුව පෙච්ලර් වීදියේ පවත්වාගෙන ගිය මෙම ව්‍යාජ බලපත්‍ර හා ලිපි ලේඛන නිකුත් කිරීමේ මධ්‍යස්‌ථානය තුළ තිබී ව්‍යාජ හැඳුනුම්පත් සකස්‌ කිරීමේ හැඳුනුම්පත්වල කොටස්‌ ද සොයාගෙන ඇත.

මෙම සැකකරු සන්තකයේ තිබී ගාල්ල දිසා අධිකරණය, ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලය ඇතුළු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන හතළිස්‌ අටකට අයත් නිල මුද්‍රd සොයාගනු ලැබ ඇත.

මෙයට අමතරව වරෙන්තු නිකුත් කිරීමේ පත්‍රිකා, පාසල් දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම්වලට අදාළ ලිපි ලේඛන ජාතික හැඳුනුම්පත්, විවාහ සහතික පත්, විදේශ ගමන් බලපත්‍රවලට අදාළ ලිපි ලේඛන, තොගයක්‌ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඇල්පිටිය ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයේ සේවය කරන පණස්‌තුන් හැවිරිදි වියේ පසුවන අයකු බව පැවසේ. මෙම හොර කච්ෙච්රියේ දී සැමියා බිරිඳ දික්‌කසාද කළ බවට ව්‍යාජ ලෙස අධිකරණ තීන්දුවක්‌ පවා සකස්‌ කර දී ඇතැයි පොලිසිය කරනු ලැබූ පරීක්‍ෂණවලදී හෙළිව තිබේ.

මෙම ව්‍යාජ සහතික නිකුත් කිරීමේ මධ්‍යස්‌ථානයෙන් නිකුත් කරන ව්‍යාජ ජාතික හැඳුනුම්පතකට රුපියල් 5000 (පන්දහසක්‌) ගාල්ලේ ජනප්‍රිය පාසල් වෙත දරුවකු ඇතුළත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ව්‍යාජ ලෙස සැකසීමට රුපියල් (25000) විසිපන්දහසක්‌, ව්‍යාජ විවාහ සහතිකයකට රුපියල් (3500) තුන්දහස්‌ පන්සීයක්‌ ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකට රුපියල් පහළොස්‌ දහසක්‌ (15000) ක්‌ ආදී වශයෙන් තමන් වෙත ලිපි ලේඛන සකස්‌ කර ගැනීමට පැමිණෙන අයගෙන් ලබාගෙන ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණ වලදී හෙළිව තිබේ.

සැකකරු අද (8 දා) ගාල්ල මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි සාලිය සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි සතිෂ් ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත හබරාදුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක කේ. කේ. පී. උදයකුමාර, පො.සැ. (195) ජානක, පො.කො. (88323) වීරසිංහ, පො.කො. (52344) අනුර ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වති.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.