එජාප ක්‍රියාකාරිකයකුගෙන් එජාප මන්ත්‍රීට ප්‍රහාරයක්‌

කළුතර සමූහ - විජයසිරි විද්‍යාසේකර

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ එජාප ක්‍රියාකාරිකයකු වන ප්‍රියන්ත වීරසිංහ මහතා තමාට වාද්දුව සුභද්‍රdරාම විහාරස්‌ථානයේදී පහර දුන්නා යෑයි බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතා (එජාප) වාද්දුව පොලිසියට පැමිණිලි කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වාද්දුව සුභද්‍රdරාම දෙමහල් විහාර මන්දිරය ඊයේ (07 වැනිදා) විවෘත කෙරුණු අතර ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ පැමිණීමට පෙර මෙම සිද්ධිය සිදුව ඇත.

කිත්සිරි කහටපිටිය මහතා සහ ප්‍රියන්ත වීරසිංහ මහතා අතර සිදු වූ වචන හුවමාරුවකින් පසුව මෙම ගැටුම සිදුව ඇත.

වාද්දුව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අජිත් කුමාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.