වෙළෙඳසල් සේවිකාව පැහැරගෙන ගොස්‌
දූෂණය කළ සැකකරුවෝ නිදැල්ලේ


මහියංගන - රංජිත් කරුණාවීර

මහියංගන නගරයේ වෙළෙඳසලක සේවය කරන වයස අවුරුදු 20 ක සේවිකාවක්‌ බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයක නංවාගෙන පැහැරගෙන ගොස්‌ තිදෙනකු විසින් දූෂණය කර තිබේ. එම තරුණිය මහියංගන පොලිසියට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

තමා සේවය කරන වෙළෙද සලේ සේවය නිම වී නිවෙස බලා යැමට මහියංගන නගරයේ රැඳී සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි තරුණයන් තිදෙනකු තමන් බලහත්කාරයෙන් ත්‍රිරෝද රථයේ නංවාගෙන ආ¹උල්පත ප්‍රදේශයට රැගෙන ගොස්‌ කාමරයකදී සමූහ දූෂණය කළ බව ඇය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වෙයි. පසුව තමන් ආඳාඋල්පත ජාතික පාසල ආසන්නයේ මහමගට රාත්‍රියේ එම පිරිස විසින් ගෙන දැමූ බවත් පාසලේ මුරකරු තමාව දැක තමන් හට රෝහලට පැමිණීමට උදව් කළ බවත් ඇය කියා සිටියාය. බොහෝ සිදුවීම් තමාට මතක නැති බවත් ඒ මොහොතේ තමා සිහිමද ගතියකින් සිටි බවත් තමන් හට සිහි නැති කිරීමට තරුණයන් විසින් කුමක්‌ හෝ සිදුකර ඇති බව ඇය පැවැසුවාය.

මෙම තරුණිය මහියංගන මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත්ව ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර රෝහල වෙත මාරුකර යවා ඇත.

මහියංගන සහකාර පොලිස්‌ අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්‌ ස්‌ථානාධිපති තිස්‌ස කුමාර මහතා අපරාධ අංශයේ ස්‌ථානාධිපති එම්. බී. ජී. ජී. සුදේශ් චතුරංග මහතා ප්‍රමුඛ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.