අනතුරින් ආබාධිතයි උපකාර කළොත් පිනක්

රාජකාරියේ යෙදී සිටියදී සිදු වූ අනතුරක්‌ හේතුවෙන් මේ වන විට වසර 6 1/2 ක්‌ තිස්‌සේ ආබාධිතව රෝද පුටුවක කල්ගෙවන අයෙක්‌ තමාගේ හා තම පවුලේ තත්ත්වය ගැන සළකා තමාට සාධාරණය ඉටු කර දෙන ලෙස අදාල අංශයන්ගෙන් ඉල්ලා සිටී.

ඔහු කැප්පෙටිපොල ශ්‍රී ලං. ග. ම ඩිපෝවෙහි රියදුරෙකු ලෙස සේවය කළ බණ්‌ඩාරවෙල, ලියන්ගහවෙල, බැද්දෙඅරාව, මඩුවේගෙදර පදිංචි ඩබ්. එම්. හරිශ්චන්ද්‍රයි.

වර්ෂ 2008 අගෝස්‌තු 13 වැනි දින මොහු සේවය කළ බස්‌රථය කොළඹ සිට කැප්පෙටිපොල බලා පැමිණෙන අතර බලංගොඩ රත්මලවින්න ප්‍රදේශයේදී බස්‌රියේ ටයරයක්‌ පුපුරා යාමෙන් එය තාප්පයක හැපී මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් තම සුසුම්නාවට බරපතළ හානි සහිතව තුවාල ලැබූ හරිශ්චන්ද්‍ර මහතා දිගු කලක්‌ රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ අතර මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටී. එහෙත් දෑත් හා තුනටියෙන් පහළ සම්පූර්ණයෙන්ම පාහේ අප්‍රාණික තත්ත්වයෙන් රෝද පුටුවක සිය ජීවිතය ගෙවන්නේය.

අද වන විට ජීවත් වීමත් විශාල ගැටලුවක්‌ව තිබෙන මේ අසරණ පවුලේ තත්ත්වයත් කෙරෙහි අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුවේ. එසේම කුඩා දියණියගේ අධ්‍යාපනය, රෝගියාගේ ප්‍රතිකාර හා ඔවුනගේ යෑපීම උදෙසා යම් හෝa උපකාරයක්‌ කළහැකි අයෙක්‌ වෙතොත් දුරකථන අංක 0782767264 මගින් තොරතුරු දැනගත හැකිය. මුදලින් උපකාරයක්‌ කිරීමට අදහස්‌ කරන්නේ නම් මහජන බැංකුව බණ්‌ඩාරවෙල ශාඛාවේ ඩබ්. ආර්. එම්. සංජීවනී කාංචනා වීරසිංහ නමින් පවත්වාගෙන යන 037200120018477 දරන ගිණුම මගින්ද ඔවුqනට උදව් කළ හැකිය.

සටහන හා ඡායාරූපය - බෝගොඩ රත්නායක
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.