පාරට පස්‌ කන්දක්‌ කඩාවැටී දෙහිඕවිට - දැරණියගල ගමන් නවතී

තල්දුව - අංජුල නිශාන්ත

දැරණියගල - දෙහිඕවිට ප්‍රධාන මාර්ගයේ කහනවිට ප්‍රදේශයේදී ඊයේ සවස (06දා) මාර්ගයට පස්‌ කන්දක්‌ කඩාවැටීම හේතුවෙන් මාර්ගයේ වාහන ධාවනය පැය 12 ආසන්න කාලයක්‌ ඇණහිටීම හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්විය.

මෙම මාර්ගය දෙහිඕවිට සිට දැරණියගල දක්‌වා කාපට්‌ කිරීම හේතුවෙන් මාර්ගයේ දෙපස පුළුල් කරමින් පවතී. කහනවිට පාලමට නුදුරු ස්‌ථානයේ මෙම මාර්ගය ඡේ. සී. බී. යන්ත්‍රයක්‌ මගින් පුළුල් කරමින් සිටියදී මාර්ගයට පස්‌ කන්ද කඩා වැටුණු බව ප්‍රදේaශවාසීන් පවසති.

ඉංග්‍රීසි පාලන සමයේ මෙම මාර්ගය මුලින්ම ඉදිකර ඇති අතර ඔවුන් මෙම ස්‌ථානයේ විශාල කලුගල් කැබලි යොදා බැම්මක්‌ ඉදිකර තිබී ඇත. පසුව මාර්ගය පුළුල් කිරීමට එම කලුගල් බැම්ම ඉවත් කිරීම නිසා මෙම නාය යැම සිදුවන්නට ඇති බව ගම්වාසීහු පවසති. පැය ගණනාවක්‌ මාර්ගයේ වාහන ධාවනය කිරීමට නොහැකි වීමෙන් එදිනෙදා රැකියාවලට ගිය පුද්ගලයන්, උපකාරක පංතිවලට සහභාගිවූ සිසුන්ද දැඩි දුෂ්කරතාවයට පත්විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.