බොල්ගොඩ සහ කැලණි ගඟෙන් |
වැලි ගොඩදැමූ  20දෙනෙක්‌ අත්අඩංගුවට

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

ගතවූ සති දෙකක කාලය තුළදී පොලිස්‌ නාවික කොට්‌ඨාසයේ නිලධාරීහු කැලණි ගඟ හා බොල්ගොඩ ගඟ ආවරණය වන පරිදි සිදුකරන ලද වැටලීම් වලින් වැලි ගොඩ දැමූ පුද්ගලයන් විසි දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම වසරේ (2015) මේ දක්‌වා කාලය තුළ කැලණි ගඟට හා බොල්ගොඩ ගඟට කැළි කසළ හා අපද්‍රව්‍ය බැහැර කළ පුද්ගලයන් 103 දෙනකු එම පොලිස්‌ නාවික කොට්‌ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

කැලණි ගඟ ආවරණය වන වැල්ලම්පිටිය, තල්වත්ත, කැලණි ගං මෝය කට අසල, හැමිල්ටන් ඇළ යන ප්‍රදේශවල නීති විරෝධී වැලිගොඩ දැමීමේ නිරතවූවන් කොටුකරගත් බව පොලිස්‌ නාවික කොට්‌ඨාසය පවසයි.

එසේම මෙම වර්ෂයේදී නීති විරෝධී අයුරින් බෝට්‌ටු මගින් ඔස්‌ටේ්‍රලියාවට පලායැමට උත්සාහ දැරූ පුද්ගලයන් 35 දෙනකු මිරිස්‌ස ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස්‌ නාවික කොට්‌ඨාසයේ නිලධාරීන් විසිනි.

බස්‌නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති පූජිත් ජයසුන්දර, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණි මතුරට යන මහත්වරුන්ගේ අධීක්‌ෂණය යටතේ පොලිස්‌ නාවික කොට්‌ඨාසයේ අධ්‍යක්‍ෂ සහකාර පොලිස්‌ අධිකාරි එම්. එච්. චූලසිරි මහතාගේ උපදෙස්‌ මත එහි ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක කමල් සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස්‌ පරීක්‌ෂක කුමාරසිංහ, උපපොලිස්‌ පරීක්‌ෂක පැටි්‍රක්‌, පොලිස්‌ සැරයන්වරුන් වන චන්ද්‍රසිරි (50167), රාජකරුණා (26986), නිහාල් (23331), සරත් (16574), විඡේරත්න (30587), කාන්තා පොලිස්‌ සැරයන්වරියන් වන චන්ද්‍රිකා (241), ප්‍රියානි (4329), පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන අත්තනායක (50172), බෝපාවිට (76616), රත්නායක (78731) මෙම වැටලීම් සඳහා සහභාගි වූ නිලධාරීහු වෙති.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.