ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය
වසර 22 ක ඉතිහාසය වෙනස්‌ කළ නිමාලි
ශ්‍රී ලංකාව වෙනුවෙන් එකම පදක්‌කම දිනා දෙයි


ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ ඊයේ (7 දා) පැවැති මීටර් 800 කාන්තා අවසන් තරගයේ තෙවැනි ස්‌ථානය හිමිකරගත් නිමාලි ලියනාරච්චි ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ එකම පදක්‌කම දිනා දීමට සමත් වූවාය. වසර 22 කට පසු මීටර් 800 ඉසව්වෙන් මෙම මට්‌ටමේ ජාත්‍යන්තර පදක්‌කමක්‌ දිනාගත් පළමු අවස්‌ථාව වශයෙන් ද මෙය සටහන් වේ.

අදාළ තරගයේදී සිය පෞද්ගලික හොඳම කාලය වාර්තා කළ නිමාලි එහිදී විනාඩි 2.03.94 ක කාලයකින් තරගය නිමා කළාය. මීට පෙර ඇගේ පෞද්ගලික හොඳම කාලය වි.2.04.32 ක්‌ ලෙස වාර්තා වී තිබිණි.

මීට අමතරව අදාළ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ගයන්තිකා අබේරත්න ක්‍රීඩිකාව සහභාගි වූ අතර ඇයට පස්‌වන ස්‌ථානයෙන් සෑහීමට පත්වන්නට සිදුවිය. විනාඩි 2.01.53 ක කාලයකින් තරගය නිමා කළ ඉන්දියාවේ ටින්ටු ලූකා හට තරගයේ ප්‍රථම ස්‌ථානය හිමි විය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.