බැංකොක්‌හිදී Huawei P8 අග්නිදිග ආසියානු කලාපයට හඳුන්වාදෙයි


සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරීස්‌ මහතා Huawei අග්නිදිග ආසියානු කලාපීය ප්‍රධානීන් සමග.


පසුගිය අප්‍රේල් මාසයේ ලන්ඩනයේදී වෙළඳපොළට හඳුන්වාදුන් Huawei P8 නවතම ස්‌මාර්ට්‌ෆෝනය අග්නිදිග ආසියානු කලාපයටද හඳුන්වා දෙනු ලැබීය.

මෙම Huawei P8 ස්‌මාර්ට්‌ෆෝනය අග්නිදිග ආසියානු කලාපයට හඳුන්වාදීමේ උත්සවය පසුගියදා Huawei කලාපීය කාර්යාලය පිහිටා ඇති බැංකොක්‌ නුවරදී පැවැත්විණි. “Southeast Asia P8 & Wearable Launch”ලෙස නම් කර තිබූ මෙම අවස්‌ථාව සඳහා රටවල් 11 ක්‌ නියෝජනය කරමින් ආරාධිත අමුත්තන් 500 කට අධික පිරිසක්‌ එක්‌ව සිටියහ.

මේ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Huawei ස්‌මාර්ට්‌ෆෝන් ශ්‍රි ලංකා ප්‍රධානි හෙන්රි ලියු මහතා, සිංගර් ශ්‍රි ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පිරීස්‌ මහතා, සිංගර් ශ්‍රී ලංකා අලෙවිකරණ හා වාණිජ අධ්‍යක්‌ෂ මහේෂ් විෙ-වර්ධන මහතා, Huawei ශ්‍රි ලංකා අලෙවි කළමනාකරු ස්‌ටැන්ලි මැස්‌කරේනස්‌ මහතා, සිංගර් ශ්‍රී ලංකා හි Huawei සන්නාම කළමනාකරු සහන් පෙරේරා මහතා එක්‌ව සිටියහ.

Huawei P8 ස්‌මාර්ට්‌ෆෝනය අති නවීන තාක්‌ෂණය මනාව කැටිකොට ගත් ජංගම දුරකථකනයකි. සුවිශේෂී නිමාව, විලාසිතාව, භාවිතයේ පහසුව පමණක්‌ නොව අසමසම කැමරා පහසුකම්වලින්ද මෙම ස්‌මාර්ට්‌ෆෝනය සමන්විත වෙයි. වසර 2012දී Huawei වෙතින් ඡ කාණ්‌ඩයේ ජංගම දුරකථන හඳුන්වාදුන් අතර Huawei P8 එහි නවතම හඳුන්වාදීමයි. Huawei P8 සාමාන්‍ය ස්‌මාර්ට්‌ෆෝන් එකක ඇති පහසුකම් අතික්‍රමණය කරමින් සුවිශේෂී පහසුකම් රැසක්‌ සපයයි.

ඉතා අඩු ආලෝක තත්ත්වයකදී වුවද සුපැහැදිලි ඡායාරූප ලබාගැනීමේ පහසුකම් සපයන කැමරාවකින් යුත් Huawei P8 මේ වනවිට වෙළදපොළේ පවතින අනිකුත් ස්‌මාර්ට්‌ෆෝන් කැමරාවලට වඩා ඉතා හොඳ තත්ත්වයෙන් උසස්‌ ඡායාරූප ලබාගැනීමේ පහසුකම සපයයි. වෘත්තීය ඡායාරූපකරණය සඳහා භාවිත කරන DSඛR මට්‌ටමේ ඡායාරූප ප්‍රොසෙසරයකින් සමන්විත Huawei P8 ස්‌මාර්ට්‌ෆෝනය වෘත්තීය මට්‌ටමේ වීඩියෝ ගත කිරීමේ පහසුකම සහිත වීඩියෝ කැමරාවකින් ද සමන්විත වෙයි. මේ හරහා එකවර විවිධ කෝණයන්ගෙන් වීඩියෝගත කිරීම් සිදු කළ හැකි අතර ඒවා ක්‍ෂණිකව සංස්‌කරණය කිරීමේ පහසුකම්වලින්ද Huawei P8 සමන්විත වෙයි.

ලෝකයේ භාවිතයට පහසුම ස්‌මාර්ට්‌ෆෝනය බවට Huawei P8 පත්කිරීම සිය ඉලක්‌කය බව මෙම අවස්‌ථාවට එක්‌වූ Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් යු මහතා පැවසීය. ගැඹුරින් සිදුකරන ලද සමීක්‌ෂණවලදී හෙළි වූ ස්‌මාර්ට්‌ෆෝන් භාවිත කරන්නන් අපහසුතාවට පත්වන සියලු ප්‍රශ්නවලට Huawei P8 මගින් විසඳුම් සපයා ඇති බවද ඒ මහතා මෙහිදී පැවසීය. කල් පැවැත්ම සහ විලාසිතාව අතින් ගත්තද Huawei P8 අසමසම නිෂ්පාදනයක්‌ බවද ඒ මහතාගේ අදහසයි. මෙහි ඇති සුවිශේෂීතා අනුව ගත් කළ 2015 වසරේ ලොව ජනප්‍රියතම ස්‌මාර්ට්‌ෆෝනය බවට පත්වීමට Huawei P8 ස්‌මාර්ට්‌ෆෝනයට හැකියාව පවතින බවද Huawei පාරිභෝගික ව්‍යාපාර සමූහයේ ප්‍රධාන විධායක නිලධාරි රිචඩ් යු මහතා විශ්වාසය පළ කළේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.