ක්‍රියේටිව් සොලියුෂන්ස්‌ තෑගි දීම සඳහාම GiftSmart.lk ආරම්භ කරයි

GiftSmart.lk. තෑගි බෝග ලබා දීමේ නවතම කලාවයි. එය ඔබත්, ඔබගේ තෑග්ග ලබන්නාත් යන දෙපාර්ශ්වයම වඩාත් සතුටට පත් කරනු ඇත. ක්‍රියේටිව් සොලියුෂන්ස්‌ ඉදිරිපත් කිරීමකි.

එය වර්තමානයේ දැඩි අවශ්‍යතාවක්‌ බව, සමාගමේ අධ්‍යක්‍ෂ සුෂේනා රණතුංග පවසයි. "සෑම වසරකම පාහේ අපි විවාහ මංගල උත්සව, උපන් දින සාද, සමාගම් මගින් පවත්වනු ලබන විවිධ වූ ඉසවු ආදිය සඳහා කොපමණ ප්‍රමාණයක්‌ සහභාගි වනවා ද? ඒ සෑම අවස්‌ථාවක්‌ සඳහා අපි අපේ සුහදත්වය ප්‍රකාශ කරන්නේ තෑගි බෝග ලබා දීම මගිනි. එසේම, එමගින් ඔවුනට අප පිළිබඳ වඩාත් හොඳ මතකයක්‌ රඳවා තැබීම ද අප බලාපොරොත්තු වේ. එසේම අප විසින් දෙනු ලබන ත්‍යාගය, එය ලබන අය කැමති වන විදිහේ ත්‍යාගයක්‌ නම් එහි අගය තවත් වැඩි වනු ඇත. මෙම පසුබිමයි, GiftSmart.lk උපතට හේතු කාරණා වූයේ."

GiftSmart.lk යනු තෑගි වවුචරයකි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනවලට ලබා දීමෙන් තෑගි භාණ්‌ඩ ලබා ගත හැකිය. ඔබට අවශ්‍ය තෑගි වවුචර ලබා දීම ඕනෑම වෙලාවක ඕනෑම තැනක දී කළ හැකියි. www.GiftSmart.lk වෙබ් අඩවියට පිවිසීම පමණි ඔබ විසින් කළ යුත්තේ.

සාම්ප්‍රදායික තෑගි වවුචර තෑගි භාණ්‌ඩවලට පරිවර්තනය කිරීමේ දී එක්‌ ආයතනයකට පමණක්‌ සීමා වුවත්, මෙම GiftSmart.lk තෑගි වවුචරය ඔබ කැමති ආයතනයකින් තෑගි මිල දී ගැනීම සඳහා භාවිතා කළ හැකියි. එම නිසා ඔබගේ ත්‍යාගය ලබන්නාට තමා කැමති ත්‍යාගයක්‌ තමා කැමති ස්‌ථානයකින් ලබා ගැනීමට හැකියාව ලැබේ.

GiftSmart.lk ඔබට ලබා දෙනුයේ එපමණක්‌ නොවේ. සෑම කාඩ්පතක්‌ම පෞද්ගලිකව, තමන් කැමති ආකාරයකින් නිර්මාණය කිරීමේ නිදහස ද ඔබට ඇත. එමගින් ත්‍යාගය ලබන්නා අමදානන්දයට පත් කිරීමට ඔබට හැකිය. සැබැවින්ම GiftSmart.lk යනු හුදු ත්‍යාගයක්‌ පමණක්‌ නොවේ. ඔබගේ ආදරය, සෙනෙහස, ගෞරවය පිරිනමන උත්තරීතර ක්‍රමවේදයකි.

අපගේ ආදරණීයයන්ට ලබා දිය හැකි හොඳම ත්‍යාගය වනුයේ ඔවුන් කැමති දෙයක්‌ ලබා ගැනීමට නිදහස ලබා දීමය. www.GiftSmart.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ඨසඓSප්රඑ කාඩ්පත් ලබා ගත හැකිය. ,ඊමහ, බොත්තම තද කිරීම පමණයි කළ යුත්තේ. ඔබ කැමති අයුරින් නිර්මාණය කර ගැනීමට ද හැකියාව ඇත. එක්‌ වරක්‌ අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට එහි ඇති අපූර්වත්වය විඳ ගැනීමට හැකිය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.