සිස්‌කෝ ස්‌පෙෂලිටි පැකේර්න් ආයතනය
මොබිල් ලිහිස්‌සි තෙල් තෝරා ගනියි


සිස්‌කෝ ස්‌පෙෂලිටි පැකේර්න් (පුද්.) සමාගමේ සාමාන්‍යාධිකාරී ප්‍රසාද් වේගිරිය මහතා, මැක්‌ලරන්ස්‌ ලබ්රිකන්ට්‌ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ ලලිත් ද සිල්වා මහතා සහ මැක්‌ලරන්ස්‌ ලබ්රිකන්ට්‌ස්‌ සමාගමේ වෙළඳ කළමනාකාර - කර්මාන්ත, තුෂාර ජයවර්ධන මහතා.

ශ්‍රී ලංකාවේ ප්ලාස්‌ටික්‌ ඇසුරුම් භාජන සහ බෝතල් නිෂ්පාදනය කරන දැවැන්ත ආයතනයක්‌ වන සිස්‌කෝ ස්‌පෙෂලිටි පැකේර්න් (පුද්ගලික) සමාගම, සිය යන්ත්‍ර සියල්ල සඳහා සම්පූර්ණයෙන්ම ආහාර ඇසුරුම් නිෂ්පාදන වෙනුවෙන්ම නිර්දේශිත මොබිල් ශ්‍රේණිගත ලිහිස්‌සි තෙල් භාවිතයට ගැනීම ආරම්භකරන ලදී. 1991 වසරේදී ස්‌ථාපනය කරන ලද මෙම සමාගම තත්ත්වයෙන් උසස්‌ භාණ්‌ඩ නිෂ්පාදනය කිරීම සඳහා අතිනවීන යන්ත්‍රොaපකරණ භාවිත කරයි. සමාගමේ නව වෙනස්‌කම පිළිබඳව අදහස්‌ පළ කරමින් සිස්‌කෝ ස්‌පෙෂලිටි පැකේර්න් ආයතනයේ සාමාන්‍යාධිකාරී ප්‍රසාද් වේගිරිය මහතා මෙසේ පැවසීය. "ආහාරවල සුරක්‍ෂිත භාවය තහවුරු කිරීමට අපගේ සමාගම බැඳී සිටිනවා. අපගේ යන්ත්‍රොaපකරණවල ක්‍රියාකාරිත්වයට ආහාර පාන සඳහා සුදුසු ශ්‍රේණිගත ලිහිස්‌සි තෙල් යෙදීමේ වැදගත්කම අපි හොඳින් අවබෝධ කරගෙනයි මේ පියවර ගනු ලැබුවේ".

සිස්‌කෝ ස්‌පේෂලිටි පැකේර්න් ආයතනය ආහාර ආශ්‍රිත ඇසුරුම් වෙනුවෙන් මොබිල් ලිහිස්‌සි තෙල් වර්ග වලට මාරු වීම සඳහා ගත් තීරණය, මැක්‌ලර්න්ස්‌ ලුබ්‍රිකන්ට්‌ස්‌ සමාගමේ අධ්‍යක්‍ෂ ලලිත් ද සිල්වා මහතාගේ පැසසුමට පාත්‍ර විය. "සාමාන්‍ය ලිහිස්‌සි තෙල් වර්ග භාවිතය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු ඇති වීමේ සියලු අවස්‌ථා දැන් සිස්‌කෝ ස්‌පෙෂලිටි පැකේර්න් ආයතනය මගහැර තිබෙනවා. ඒ වගේම වෙනත් ආහාර පාන සම්බන්ධ කර්මාන්ත පවත්වාගෙන යන සමාගම් සඳහාත් මෙය විශේෂ සන්ධිස්‌ථානයක්‌ ලෙසින් සැලකිය හැකියි".
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.