මයික්‍රෝසොෆ්ට්‌ ඉමැජින් කප් තරගාවලියේ ජයග්‍රාහකයෝ සැමරෙති

මයික්‍රෝ සොෆ්ට්‌ අනුග්‍රාහකත්වයෙන් පවත්වනු ලබන ඉමැජින් කප් ශ්‍රී ලංකා තරගාවලියේ වීරයන් බවට වසර 3 ක්‌ නොකඩවා පත් වීමට ඉන්ෙෆdමැටික්‌ ඉන්ස්‌ටිටියුට්‌ ඔෆ් ටෙක්‌නොලොජි (IIT Campus) හි සිසු සිසුවියෝ සමත් වූහ. 2005 වසරේ දී පැවැත්වූ තරගාවලියේ දී තමන් විසින්ම බිහි කරන ලද වාර්තාවක්‌ අභිබවා යැමට IIT Campus සිසු සිසුවියෝ මෙවර තරගාවලියේ දී සමත් වීම කැපී පෙනුණු ජයග්‍රහණයක්‌ විය.

IIT Campus හි කණ්‌ඩායම් 7 ක්‌ මෙවර තරගාවලියට සහභාගි විය. ක්‍රීඩා, නව සොයා ගැනීම් සහ වර්ල්ඩ් සිටිසන්ෂිප් යන අංශවල ජයග්‍රහණ 6 ක්‌ වාර්තා කිරීමට ඔවුහු සමත් වූහ. අවසන් වටය කරා පැමිණි ප්‍රමුඛ පෙළේ රාජ්‍ය සරසවි, පෞද්ගලික උසස්‌ අධ්‍යාපන ආයතන ආදිය අභිබවා යමිනුයි IIT Campus සිසු සිසුවියන් මෙම ජයග්‍රහණය වාර්තා කරන ලද්දේ.

ඉමැජින් කප් 2015 තරගාවලියේ ගේමිං අංශයේ ජයග්‍රාහකයන් වූයේ IIT Campus නියෝජනය කළ Dimention-X Shooters කණ්‌ඩායම යි. සමීන්ද්‍ර චතුරංග, සුහර්ෂ ෙෆdන්සේකා, හංසමාලි විජයතිලක සහ ෂෙනල් මෙන්ඩිස්‌ එම කණ්‌ඩායම නියෝජනය කළහ.

ඉනෝවේෂන් අංශය ජයග්‍රහණය කළේ ද IIT Campus නියෝජනය කරමින් තරග වැදුණු කණ්‌ඩායම් 3 කි. ශූරතාව, අනු ශූරතාව සහ දෙවැනි අනු ශූරතාව යන ස්‌ථාන 3 ම ඔවුන් විසින් දිනා ගන්නා ලදී. ඉෂාන් සිරිමාන්න, ඉෂාන් ජයසේකර, කේෂාන් විතානගේ සහ රවීන් විඡේතිලක නියෝජනය කළ DRUTA එහි දී ශූරතාව දිනා ගත් කණ්‌ඩායම විය. අනු ශූරතාව Firebird Snitt කණ්‌ඩායම ද Shmoovi Equinox කණ්‌ඩායම දෙවැනි අනු ශූරතාව ද පිළිවෙළින් දිනා ගන්නා ලදී.

"ද වර්ල්ඩ් සිටිසන් ෂිප්" අංශයේ ජයග්‍රහණය කළ කණ්‌ඩායම වූයේ Firebird Twig-Gab ය. මොහොමඩ් ෂෙහාන්, මිලින්ද ජයලත්, චරිත පෙරේරා සහ ක්‍රිෂාන්ක්‍රිපා ජයකුමාර් යන අය ගෙන් ශූරතාව දිනා ගන්නා ලද එම කණ්‌ඩායම සමන්විත විය. අනු ශූරතා ජයග්‍රහණ ද්විත්වයක්‌ සමව බෙදා ගැනීමට TechVision Sober Companion සහ Top Hills කණ්‌ඩායම් සමත් විය.

මයික්‍රෝ සොෆ්ට්‌ ඉමැජින් කප් ජයග්‍රාහකයන් විසින් තමන්ගේ ව්‍යාපෘතින් අවසන් දින පැවැත් වූ උළෙලේ දී ප්‍රදර්ශනය කිරීමට සමත් විය එසේම, Google Summer of Code තරගාවලියට සහභාගි වීමට ද ඔවුන් සුදුසුකම් ලැබීය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.