වෙළෙඳපොළක්‌ වූ ගිරාගම වලව්ව

බටුගොඩ එම්. එස්‌. රණතුංග

msranathunga@gmail.com

අසිංහලයේ අවසන් රාජධානිය වූ සෙංකඩගල නගරය ක්‍රි.ව. 1815 මාර්තු 02 වනදා ඓතිහාසික ගිවිසුමක්‌ මගින් ඉංගී්‍රසීන් මහනුවර මඟුල් මඩුවේදී භාර දෙනුයේ ලංකා රාජාවලියේ අවසානය සනිටුහන් කරමිනි. ඉංගී්‍රසීන් විසින් සිංහලය භාර ගත් අවස්‌ථාවේ වූ නගර සැලැස්‌මේ මහනුවර නගරය විදී ගොඩනැගිලි සහ වැව් ආදිය සටහන් කර තිබිණ. එමෙන්ම ත්‍රි සිංහලයේ රාජ්‍ය පාලනයේ නිලධාරීන් වූ රදළවරුන්ගේ හෙවත් අධිකාරම්වරු විසූ නිවෙස්‌ හෙවත් වලව් 18 ක පිළිබඳවද එහි සටහන්ව තිබේ. මහනුවර නගරය තුළම වූ මෙම නිවෙස්‌ අධිකාරම්වරුන්ගේ නිල නිවාස වූවා විය හැක. විජයාවතරණයෙන් ආරම්භ වූ සිංහල රාජාවලියේ වලව් පිළිබඳ සටහන සඳහන් වනුයෙA මහනුවර යුගයේ අවසන් කාල පරිච්ඡේදයේය. ඒ නායක්‌කාර් වංශික පාලන යුගයේදීය.

පෙර මෙරට රජකළ රජවරුන් වාසය කළ නිවස "මාලිගාව" හෙවත් රාජවාසල වූ අතර අනුරාධපුර යුගයේ පටන් රාජ්‍ය විචාල රජවරුන්ගේ "මාලිගා" පිළිබඳ සටහන් අල්ප වන අතර වැඩිමනත් සඳහන් වනුයේ විහාර, ආරාම පිළිබඳවය. රජවරු මාලිගාවේ හෙවත් "රාජවාසල" වාසය කළ අතර ක්‍ෂත්‍රියවරු ප්‍රධාන අනිකුත් රාජ්‍ය නිලධාරීන් හා ප්‍රභූවරු වාසය කළ නිවාස "ගෙදර" නම් විය. ගම පාලනය කළ අයගේ නිවාසය "ගමගෙදර" වූ අතර වෙදමහතාගේ ගෙදර "වෙද ගෙදර" නම් විය. එම ගෙදරටද බොහෝ අවස්‌ථාවල එහි වාසය කළ අයගේ රැකියාව හෝ වෙනත් විශේෂ දක්‍ෂතාවය අනුව විශේෂණ පදයක්‌ එක්‌ විය. යකැදුරු මහතා හෙවත් බලි ඇදුරාගේ නිවස "යකැදුරු නිවස හෝ බලිගෙදර" විය. බෙර වාදන ශිල්පියාගේ ගෙදර "පනික්‌කිs ගෙදර" වූ අතර ගමේ ගොවිරාලගේ නිවස "ගම්මැහේ ගෙදර" විය. එකළ රැකියාව ශිල්ප ශාස්‌ත්‍රයක්‌ වූ අතර එම ශිල්ප ශේ්‍රණියට අගය කිරීමක්‌ද විය. අතීත රාජ්‍ය යුගවල කුල ක්‍රමයක්‌ තිබුණද එය ශේ්‍රණියක්‌ ලෙස සැලකින. මහ බෝ මංගල්‍යයේදී සංඝමිත්තා ක්‍ෂත්‍රිය වංශ කුමාරවරු සමග දහඅට ශේ්‍රණියක කලා ශිල්පීන්ද ලංකාවට රැගෙන ආ බව මහබෝධි වංශයේ සඳහන් වේ. මෙම ශිල්ප ශ්‍රේණි රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කරන්නා වූ සේවය අගය කළ අතර ඔවුනට එකල යම් ගරුත්වයක්‌ද තිබිණ. එම ශිල්පී ක්‍රමය මහනුවර යුගයේ අවසාන කාලයේ මෙන් කුලභේදයක්‌a බවට පත්ව නොතිබිණ. එබැවින් ඔවුනගේ ශිල්පීය ශේ්‍රණිය අගය කළ බව අතීත රාජාවලියේ සඳහන් වේ.(කන්ද උඩරට සමාජ සංවිධානය පිටුව 30)

ක්‍රි.ව.1707 ලංකාවේ රාජ්‍යපාලනයට නායක්‌කර් වංශිකයින් එකතුවීමෙන් පසු මහනුවර "වලව්" සම්ප්‍රදායක්‌ද බිහිවූ බව පෙනේ. "වලව්" යන්න "වලවේයි" යන තෙලිඟු බසින් ආ වචනයක්‌ වේ. නායක්‌කර් වංශිකයන් තෙලිඟු බස කතා කරන ජන කොට්‌ඨාසයකි. (ලංකාදීප වර්ණනාව 331) මේ කාලයේ රාජ්‍ය තනතුරුලත් යන අර්ථයෙන් රදල යන රාජ්‍ය ඇමතිවරු හෝ නිලධාරී පැලැන්තියට රාජ්‍ය තුළ බොහෝ තනතුරු සහ වගකීම් ලැබුණ අතර ඔවුන් සඳහා ඉදි වූ ගෙවල් වලව් ලෙස නම් කෙරිණ. එසේ එම ගෙවල් වලව් ලෙස නම් කිරීමට හේතු වූවේ එම නිවෙස්‌වලම යම් අධිකාරම් වරයකුට දිසාවේවකුට හෝ බලයලත් රදලයකුට නඩු ඇසීමේ සහ තීන්දු දීමේ බලය රජු විසින් ලබාදී තිබූ බැවිනි. වලකු යන්න නඩුවට දෙමළෙන් කියන නම වන අතර එම ස්‌ථානය වලකුම් වූ පසුව "වලව්" බවට පත්ව ඇත. (සරණංකර සංඝරාජ සමය 32 පිටුව)

මහනුවර යුගයේ වලව් ගැන සොයා බැලීමේදී මැටි ගැසූ වරිච්චි බිත්ති සහ කොකු උළු සෙවිලි කළ වහල, බිම ගොම මැටි නිවෙස්‌ වලව් ලෙස සලකා ඇත. (ලෙව්කේ වලව්ව H.C.P බෙල් 1892 වාර්තාව) මේ පිළිබඳව විග්‍රහයක යෙදුන බෙල් ඉංගී්‍රසීයෙන් විලා (Villa) යන්න පසුව වලව් වූ බවට මතයක්‌ දරයි. ක්‍රි.ව.1803 දී ආගන්තුකයකු ලෙස මහනුවරට පැමිණි ස්‌පිල්බර්ජන් ලන්දේසි අද්මිරාල්වරයා එවකට මහුනවර පැවති නිවසේ පිළිබඳව කරන විස්‌තරය මහාවංශය හා ගැලපේ.

මෙහි ගොඩනැඟිලි මහනුවරට අවේණික වූ හිරුඑළියෙන් වියලන ලද ගඩොලින් බඳින ලද අඩි 5ක්‌ පමණ පුළුල් වු බිත්තිවලින් යුක්‌ත වූ බෑවුමක්‌ සහිත වහලයකින්ද කැටයම්, ගල් කණු වලින්ද සමන්විත වූවක්‌ විය. (බ්‍රොහියර් හඳුනාගත් ලංකාව 304 පිටුව) එමෙන්ම මෙහි දේශපාලන සිරකරුවකුව වාසය කළ රොබට්‌ නොක්‌ස්‌ එදා මහනුවර නිවෙස්‌ පිළිබඳව මේ කරුණු සමානව දක්‌වා ඇති අතර තමා වාසය කළ කටුමැටි ගැසූ නිවස සුදු පිරියම් කිරීම නිසා තමාට දඬුවම් ලැබීමට තරම් වරදක්‌වූ බව නොක්‌ස්‌ පවසා ඇත. ක්‍රි.ව.1762 දී මහනුවරට දූත ගමනක්‌ පැමිණි ඉංගී්‍රසි ජාතික ජෝන් පීබස්‌.

"මා ලැගුම් ගෙන සිටින්නේ මින් එක්‌ මාවතක්‌ අසලය වූ සැතපුමක්‌ පමණ දික්‌වූ එම වීදියෙහිs මධ්‍ය භාගයේ ඇති උළු සෙවිලි කරන ලද බොහෝමයක්‌ නිවාසයන් මෙන් නොව වීදිය දෙකලවරට ඇති නිවාස සැලැස්‌මෙන්ද නිමාවෙන්ද ක්‍රමවත් බවක්‌ නොපෙන්වයි. නැගෙනහිර සිට බටහිර දෙසට විහිදී යන වීදි ඇතත් උස්‌ව නැගුන කඳු බෑවුම්වලින් පැමිණෙන බාධක නිසා වීදිවල දිග ප්‍රමාණය අඩුය. නගරය වටා කඳු බැවුමෙහි නිවාස වැඩිහරියක්‌ තනා තිබේ. පිරිසිදු කමින්ද, ඉඩපහසුකමින්ද නොඅඩු එම නිවාසවලට ඇතුළු වීමට ගලින් හෝ ගඩොලින් කළ පියගැටපේලි වෙයි. ගොඩනැඟිලි තැනීමේ ආවේණික ක්‍රමය අනුගමනය කර ඇතත් ඒවායේ විනිවිද බවක්‌ නොපෙනේ". (කන්ද උඩරට අනුරාධ සෙනවිරත්න- 58 පිටුව)

ක්‍රි.ව.1803 දී උඩරට ආක්‍රමණය කළ කර්නල් බාර්බටල්ගේ විස්‌තරයට අනුව ගෙවල් නොහොත් "කුටි" වීදි මට්‌ටමේ සිට අඩි දහයක්‌ දොළහක්‌ ඉහළ මට්‌ටමක පිහිටා තිබේ. ඒවා කරා යාමට පඩි පෙළවල් ඇති අතර එම කුටි මැටි බිත්තිවලින් සමන්විතය. වහල ඉලුක්‌ හෝ පොල් අතු වලින් සෙවිලි කර තිබුණි. වීදියේ ඉහළ කෙලවරේ හතරැස්‌ ලී කණු මත නිර්මාණය කෙරුන හතරැස්‌ කුටියක්‌ විය. එය ඉතා අලංකාර කොට කැටයම් කොට තිබූ අතර සායම් කර තිබුණි. ඒ අසල විශාල චෛත්‍ය දෙකකි. එහි (ත්‍රි සිංහලය පෝල් පීරිස්‌ 195 පිටුව) මෙම විස්‌තරය තිබූ සුදු පිරියම් කළ නිවස පිලිමතලාව ඇහැලේපොල අදිකාරිමගේ නිවස විය හැකි අතර චෛත්‍ය පෙදෙස නාථ දේවාල භූමිය බව පෙනේ. ඡේම්ස්‌ කෝටිනර් සඳහන් කර ඇත්තේ "අපිරිසිදු බවින් යුතු මැටියෙන් ඉදිකළ නිවාස නුවර තිබු බවය (Discription of Ceylon 1983-P389)

ක්‍රි.ව.1821 දී ජෝන් ඩේවි මහනුවරට එන විට මහනුවර වීදි දෙපස වූ නිවාස මැටියෙන් තනා තිබූ බවත් ඒවා පසින් සැදී මිටි බිම් කණ්‌ඩි මත නිවෙස්‌ ඉදිකර තිබූ බව පවසයි. උළු සෙවිලි කරන ලද නිවාස නිලමේවරුන්ගේ වූ අතර අනිත් සියල්ල පිදුරු වහල සහිත විය.

ඉංගී්‍රසීන් අල්ලාගත් 1815 වන විට මහනුවර තිබූ බොහෝ නිවාස "හතර ඇදි " නිවාස වූ අතර "මැද මිදුලක්‌" සහිත එම නිවසේ වලව් ලෙස හඳුන්වා ඇත. රජුගේ විශේෂ "සන්නය" ලැබූ ඇහැලේපොල, පිලිමතලව්වේ වැනි ඉහළ රදල නිලධාරීන් හට කොකු උළු සෙවිලි කළ සුදු පිරියම් කළ නිවාස ඉදිකර ගැනීමට අවසර ලැබී තිබුණි. පිලිමතලව්ව වලව්ව (වත්මන් ජනාධිපති මැදුර) ඇහැලේපොල වලව්ව (රිමාන්ඩ් බන්ධනාගාරය අභාවිත) දුනුවිල වලව්ව (නගර සභාව) දුල්ලෑව මොල්ලිගොඩ වලව්ව (රැජින හෝටලය) දෙහිගම වලව්ව (පෞද්ගලික මුල්‍ය ආයතනයේ ගොඩනැගිල්ල) ඒ අතර වේ. එසේ නාමාවලියට ඇතුළු නොවූ වලව්ද මහනුවර තිබූ බව ලෝක උරුම නගරය ප්‍රකාශයට පත් කළ ගැසට්‌ පත්‍රයේ සඳහන්වේ. පුරාවස්‌තු පනතේ 2005.07.08 ප්‍රකාශයට පත්කළ 1401 ගැසට්‌ පත්‍රයේ පෞරාණික ගොඩනැඟිලි ආරක්‍ෂිත ස්‌ථාන බවට පත්කළ ප්‍රකාශනයට අනුව අංක 76 අනු අංකය යටතේ මධ්‍යම පලාතේ ගඟවට කෝරලේ මහනුවර නගරයේ යටිනුවර වීදියේ වරිපනම් අංක 24, 26, 30, 32 ගිරිහාගම වලව්ව ලෙස සඳහන් වේ.

මෙම වගන්තියට අනුව මහනුවර වලව් නාමාවලියේ ඇති වලව්වලට අමතරව "ගිරිහාගම" නම් වූ මෙම වලව්වද ලෝක උරුම සංරක්‌ෂිත කළ යුතු ගොඩනැඟිලිවලට අයත් වේ. මහනුවර යුගයේ රාජ්‍ය කටයුතු කළ ජනප්‍රිය නිලමේවරුන් වූවන් බොහෝ දෙනකු තම නිල නිවස ලෙස භාවිත කළේ මහනුවර නගරය තුළ වු වලව්වලය. පිලිමතලව්වේ, ඇහැලේපොල, මොල්ලිගොඩ, ඇල්ලේපොල, දුනුවිල, මාම්පිටිය, එක්‌නැලිගොඩ, කපුවත්තේ ආදි අදිකාරම්වරු මහාදිකාරම්වරු හා දිසාවේ වරුනට නගරය තුළ නිල නිවාස වලව් හිමිව තිබිණ. එම නාමයන් ඉතිහාසයට එකතු වූවේ වීර චරිත ලෙස හෝ රාජ්‍ය තුළ පුද්ගලයන් කෙටවූ හෝ රට පාවාදුන් චරිත ලෙසටය. මෙම චරිත අතර "ගිරාගම නිලමේගේ" චරිතය හෝ වලව්ව මෙම නාමාවලිය තුළ ප්‍රබල චරිතයක්‌ වූ බවක්‌ නොපෙනේ. එහෙත් ලෝරීගේ සටහන් අතර ශක වර්ෂ 1638 දී (ක්‍රි.ව. 1716 දී) ගිරාගම රාලහාමි සතර කොරලේ දිසාව ලෙසත් ත්‍රි සිංහලයේ මහලේකම් ලෙසත් සේවය කළ බව පෙනේ. ඒ 1707 - 1739 වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජ සමයේය. (ලෝරි-283), එම රජු කල නින්දගම් සහ පරවේනි ඉඩම් පැවරීමේදී රාජ්‍යයේ ඉහළම නිලධාරියකු ඉදිරිපිට එම පැවරීම සිදුකළ යුතු අතර එවැනි ලිපියකට හඟුරන්කෙත රජමාලිගාවේදී ත්‍රි සිංහලයේ මහලේකම් ලෙසත් හතරකෝරලේ දිසාව ලෙසත් ගිරාගම රාලහාමි අත්සන් තබා ඇත. ඒ මොගොඩතිහ කෝරලේ දන්තුරාලගේ පතනවලතැන්න අස්‌වැද්දුම පැවරුමේ ලිපියටය. (ලෝරි 199-200), (දියතිලක නුවර ස්‌මාරක එස්‌. බී. දිසානායක 46 පිටුව) ගිරාගම හේරත් මුදියන්සේa ක්‍රි.ව. 1714 හතරකෝරලේ දිසාව ලෙස කටයුතු කළ බව ලෝරි පවසයි. මේ අනුව ගිරාගම රාලහාමි සහ ගිරාගම හේරත් මුදියන්සේ යනු එකම අයෙකු බව පෙනේ. මීට පසු ත්‍රි සිංහලය ඉංගී්‍රසිනට 1815 යටත් වීමෙන් පසු එම ඉංගී්‍රසි පාලනයට විරුද්ධව කැප්පෙටිපොල නිලමේ ඇතුළු පිරිස ආරම්භ කළ කැරැල්ලට හසුව 1818 දී ගිරාගම බස්‌නායක නිලමේ කොළඹට යවනු ලැබ එහිදී මිය ගියහ. ගිරාගම බස්‌නායක නිලමේ යටිනුවර දියකෙලනාවල රටේ මහතාගේ පුත්‍රයෙකි. (උඩරට මහ කැරැල්ල 311 පිටුව) මෙයට පසු ගිරාගම පරපුරේ අයකු පිළිබඳව සටහන් වනුයේ ක්‍රි.ව. 1882 දීය. ක්‍රි.ව1882 සිට 1897 දක්‌වා මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ රාජකාරිය කරනු ලබනුයේ කුඩා මුදියන්සේ ගිරාගම නිලමේතුමාය. මාළිගාවේ දියවඩන නිලමේ ලෙසත් රටේ මහත්මයා ලෙසත් කටයුතු කළ කුඩා නිලමේ ගිරාගම දියවඩන නිලමේ යටිනුවර බස්‌නායක නිලමේගේ බෑනනු කෙනෙකි. ඔවුන්ගේ මවු ගම කෑගල්ලේ ගොඩගම වන අතර යටිනුවර ගිරාගම ට උරුමකම ලැබෙනුයේ ගිරාගම බස්‌නායක නිලමේගේ සීයා වන පිලිමතලව්වේ මහ නිලමේ ගිරාගම දියකෙළිනාවල පවුලෙන් විවාහ වීම නිසාය. දියකෙළිනාවල රටේ මහතාගේ පුත්‍රයා ගිරාගම බස්‌නායක නිලමේය. තම පරම්පරාවට හිමි යටිනුවර ගිරාගම වලව්ව ගිරාගම කුඩා මුදියන්සේ දියවඩන නිලමේත් පදිංචි නිවාසය විය.

මෙම ගිරාගම පවුලේ ආදිතමයෙකු වූ ගිරාගම දිසාව ත්‍රි සිංලයේ සීතාවක රාජ්‍ය යුගයේ දිසාවේවරයකු ලෙස සේවය කර ඇති අතර ඔහුගේ විවාහය සිදු ව ඇත්තේ යටිනුවර ඒදඩුවාව පවුලෙනි. ඒදඩුවාවේ දිසාව ගල්බොඩ කොරලේ සිටි ලෙව්කේ දිසාවේගේ බෑනනු කෙනකි. ලෙව්කේ දිසාව II මෙතුමා වික්‍රම රාජසිංහ රාජ්‍ය කාලයේ සතර කෝරලේ දිසාවේ පදවියද දරා ඇත. ලංකාවේ පළමු වරට කාන්තාවක දිසාපතිනියක ලෙස පත්ව ඇත්තේ පලමුවන විමලධර්මසුරිය රාජ්‍ය කාලයේදීය. එම කල "ඌරා කෙටුවලේ ආංගම් පොරයට" ආවේ කාන්තාවකි. ඇය පිරිමි පරදවා අංගම් පොරය දිනාගත්හ. ඒ අනුව ජය ලබාගත් කාන්තාව වූ ඒදඩුවාවේ කුමාරිහාමි ලංකාවේ පළමුවන දිසාපතිනිය වීමට වරම් ලැබීය. ඇයගේ දිසාවේ පදවියෙන් පසු එම පදවියට පත්වනුයේ ඇගේම පුත්‍රයාය. ඒ ක්‍රි.ව. 1687 -1707 රජකළ 2 වන රාජසිංහ රජු කාලයේය. එකළ ඔහු කඩු ශිල්පයේ මෙන්ම අංගම් පොර වලද අති දක්‌ෂයකු විය. (සතර කෝරලේ විත්ති. ඩබ්.ඒ.සාලියරත්න - ලේකම් මිටි විමර්ශණය අභයවර්ධන 193 පිටුව) මෙම ඒදඩුවාව පරපුර ගිරාගම පවුල හා බැඳි තවත් රදළ පරම්පරාවකි.

ක්‍රි.ව.1862 සිට 1897 දක්‌වා දළදා මාලිගාවේ දියවඩන නිලමේ තනතුර දැරු කුඩා මුදියන්සේ ගිරාගම දියවඩන නිලමේතුමාගේ මහනුවර නිල නිවස වී ඇත්තේ මහනුවර යටිනුවර වීදීයේ පිහිටි ගිරාගම වලව්වය. මහනුවර සමයේ සෙංකඩගල පුරයේ වලව් 18 ක්‌ විදේශික ජාතීන්ගේ නගර සැලසුම් හි සඳහන්ව තිබුණද ගිරාගම වලව්ව එහි සටහන්ව නොමැති වුවද මෙයද එක්‌ නිල නිවසක්‌ බව හඳුනාගෙන ඇත. උඩරට රාජවාසලේ සේවය කළ අදිකාරම්වරු, දිසාවේවරු, නිලමේවරුනට තම ගම් ප්‍රදේශවලද, පාලන ප්‍රදේශ වලද තමන්ටම කියා වලව් තිබූ අතර මහනුවර රජවාසල අවට ඔවුන්ගේ නමින්ම නිල නිවාසද වලව් ලෙස ඔවුනට අයත්ව තිබූ බව පෙනේ. ඒ තම රාජකාරී කටයුතු පහසුවෙන් කරගෙන යාම සඳහාය.

ගිරාගම කුඩා මුදියන්සේ දියවඩන නිලමේ එම තනතුරට පත් වනුයේ ක්‍රි(ව 1862 දීය. ඊට පෙර ගිරාගම නිලමේ කෙනකු පිළිබඳව සඳහන් වනුයේ ක්‍රි.ව. 1818 දී ඉංගී්‍රසීනට විරුද්ධව කැප්පිටිපොළ නිලමේ දියත් කළ කැරැල්ලේදී සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන කොළඹ යෑව් ගිරාගම නිලමේය. ඒ කොළඹ දී මරණයට පත් දියකෙළිනාවල රටේ මහතාගේ පුත් ගිරාගම බස්‌නායක නිලමේය. (උඩරට මහ කැරැල්ල ජී. බී. තෙන්නකෝන් 311 පිටුව)

කිs්‍ර.ව. 1862 දී දිදියවඩන නිලමේ තනතුරට පත් කුඩා බණ්‌ඩා ගිරාගම නිලමේ තුමාගේ කාලයේදී වූ චාර්ල්ස්‌ මැකාර්ති ආණ්‌ඩුකාරවරයා මහනුවර දළදා මාලිගාවට ඒමට නියමිතව තිබිණ. එය දැනගත් ගිරාගම නිලමෙතුමා 1883 නොවැ. 29 දින මධ්‍යම පළාතේ රජයේ ඒජන්ත වෙත ලිපියක්‌ යෑවීය. "මහනුවර දළදා මාලිගාවට පැමිණෙන ආණ්‌ඩුකාරතුමා ඇතුළු රාජකීය පිරිස පිළිගැනීමට තමා සතුටින් සිටින බවත් එම දිනය කල්ඇතුව දන්වා එවන ලෙස" ත් ඉල්ලා සිටියහ.

ඒ අනුව 1884 ජනවාරි 5 දළදා මාලාගාවට පැමිණි ආණ්‌ඩුකාරයා ප්‍රමුඛ රාජකීය පිරිස උත්කර්ශවත් ලෙස දියවඩන නිලමෙතුමා විසින් පිළිගෙන ශ්‍රී දළදා මාලිගාව නිරීක්‌ෂණයටද ඉඩ ලබා දී ඇත.

එතුමාගේ කාලය තුළද දළදා වහන්සේ වැඩ සිටින කුටියෙන් දළදා වහන්සේ හේවිසි මණ්‌ඩපයට වැඩමවා ගැනීම සඳහා 1884 දී මධ්‍යම පළාතේ දිසාවෙගෙන් අවසර ඉල්ලා ලිපියක්‌ යෑව් දියවඩන නිලමෙතුමා ඒ අනුව 1884 අවසන් කාලයේ සුබ මොහොතින් දළදා වහන්සේ හේවිසි මණ්‌ඩපයට වඩමවා ඇත. (දළදා මාලිගාව - දියවඩන නිලමේ ලිපි යොමුව - නිස්‌සංක විඡේරත්න නිලමේතුමා)

දෙහිගම ටිකිරි කුමාරි හාමි යනු දළදා මාලිගාවේ 1824-1827 සහ 1828-1835 කාලය තුළ දියවඩන නිලමේ තනතුර දරු දෙහිගම නවරත්න අතපත්තු දෙහිගම නිලමෙතුමාගේ දියණියය. ඇය සතුව ඇත් පැටවකු සිටි අතර ගිරාගම නිලමේතුමාගෙන් ලිතව එම ඇත් පැටවා දළදා මාලිගාවට පුජා කිරීම පිණිස අවසරය ඉල්වා ඇත. පසුව දළදා මාලිගාවට පූජා කිරීමට ඇයට හැකිවිය.

ක්‍රි.ව. 1868 දළදා මාලිගාවේ දියවඩන නිලමේ වූවේ කුඩා බණ්‌ඩා දුනුවිල නිලමේය. එම නිලමේගේ පාලන කාලයේ දුෂණ චෝදනා 24 ක්‌ යටතේ ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අධිකරණයට එතුමාට විරුද්ධව පෙත්සමක්‌ ඉදිරිපත් විය. එහි මූලිකයන් වූයේ කොබ්බෑකඩුවේ, පාන බොක්‌ක, පරනාතල, හලන්ගොඩ, නුගවෙල, දොඩන් ගෙදර යන නිලමේ වරුන් මුලිකත්වය ගෙන පෙත්සම ඉදිරිපත් කර ඇත. එය ඉංගී්‍රසි ආණ්‌ඩුවේ අධිකරණ මණ්‌ඩලය විසින් මහනුවර දී 1866 අප්‍රේල් 29 දා විභාගයට ගත් අතර විත්තිකාර දුනුවිල නිලමේ පැමිණ නැත. විත්තිය නොමැතිව නඩුව විභාග කළ අධිකරණය දුනුවිල නිලමේ වරදකරු කර නිලයෙන් පහකළ අතර එම තනතුර රජයේ භාරයට ගෙන නිලමේ වරු 7 දෙනකු භාරයට පත් කළහ. එහි නායක්‌තවයට පත් වූවේ ගිරාගම නිලමේය. (1868.05.28 ලක්‌මිණි කිරණ 69 පිටුව) 1869 වනතුරු කිසිවකු රජය විසින් නම් නොකළ අතර දුනුවිල නිලමේ විසින් තමාට වූ තීන්දුවට විරුද්ධව ඇපෑලක්‌ රජයට ඉදිරිපත් කළහ. එය විභාග කළ අධිකරණය නැවත දුනුවිල නිලමේට දියවඩන නිලමේ තනතුර හිමි කළ අතර එතුමා 1852 දක්‌වා එම තනතුර ඉසිලීය. (ලක්‌ රිවි කිරණ 18696) ඉන් පසු ක්‍රි.ව. 1882 දී පත්වූ ගිරාගම දියවඩන නිලමේතුමාගේ සේවා කාලය 1897 දී අවසන් වූ අතර ඊට පෙර දළදා මාලිගව සතු සියලුම භාණ්‌ඩ සහ වස්‌තු පිළිබඳ සම්පුර්ණ සමීක්‌ෂණයක්‌ සහ එහි විස්‌තර ලේඛනයක්‌ 1892 දී මධ්‍යම පළාත් ඒජන්තතුමාට භාර දෙනු ලැබුවේ තම සේවා කාලය නිරවුල් බව පෙන්වීමටය.

දැනට ජාතික උරුමයන්a පිළිබඳ අමාත්‍යාංශයේ සංස්‌කෘතිත ත්‍රිකෝණ වැඩ පිළිවෙලේ මහනුවර ව්‍යාපෘතිය යටතේ යුනෙස්‌කෝ ලෝක උරුම මහනුවර නගරයේ සංරක්‌ෂිත ගොඩනැඟිල්ලක්‌ ලෙස ප්‍රකාශයට පත්කර ඇති යටිනුවර වීදියේ ගිරාගම වලව් ගොඩනැඟිල්ල එකල ගිරාගම දියවඩන නිලමේතුමාගේ නිල නිවාසය ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් අපවෙත ලැබී ඇති 1915 සැලැස්‌මට අනුව මෙම ගොඩනැඟිල්ල එච්. ඒ. එච්. හබීබු ලෙබ්බේ ගොඩනැඟිල්ල ලෙස නම් කර ඇත. ඒ සමගම 1915 ජුලි 21 දාතමින් යුතුය. මීට පෙර මෙම ගොඩනැඟිල්ලට පිටුපස කතරගම දේවාල පරිශ්‍රයට ආසන්නව වලව්වක්‌ව තිsබෙන්නට ඇත. ගොඩනැඟිල්ලට පිටුපස කතරගම දේවාල පටුමග හා පරිශ්‍රය වන අතර උතුරට කතෝලික දේවාස්‌ථානය සහ පරිශ්‍රය වේ. ගිරාගම දියවඩන නිලමේගෙන් පසුව එම පවුලේ සමීපතමයාට අයිතිව තිබී එහි එක්‌ දියණියක විසින් ගොඩනැගිල්ල මුස්‌ලිම් ව්‍යාපාරිකයකුට විකුණා දමා ඇය විදේශගත පදිංචියට ගිය බවට වාර්තාවේ.

මේ අනුව අතීතයේ සිංහල වලව්වක්‌ වූ යටිනුවර වීදියේ ගිරාගම වලව්ව ක්‍රි.ව. 1915 වන විට ව්‍යාපාරික ස්‌ථානයක්‌ බවට පත්ව තිබේ. එහි ප්ලෑනේ බිම් මහලේ කාමර 4 ක්‌ ද ඉහළ මහලයට යාමට ලොබියක්‌ද සැලැස්‌මට එක්‌ කර ඇත. ඉහළ මහලයේ කාමර 6 ක්‌ සහිතව යටිනුවර වීදිය සහ කොළඹ වීදිය දර්ශනය වන පරිදි ඇඳි තුන්මළු සÄල්ල ගොඩනැඟිල්ලට ආකර්ෂණීය පෙනුමක්‌ ලබා දේ මෙම ගොඩනැගිල්ලද තට්‌ටු සහ ලෑලි තට්‌ටු වන අතර ගරාදි වැට සහ කවුළුද දේශීය දැව භාවිතයෙන් නිමවා ඇත. සිංහල සම්ප්‍රදාය ට ගරු කරමින් මෙහි වහල කොකු උළු සහ පෙති උළු යොදවා සෙවිලි කර තිබේ. ඉහළ මහලයේ සදළුතලය යටිනුවර වීදියට සමාන්තරව අඩි 67ක්‌ දික්‌වන අතර අඩි 5ක පලලින් යුක්‌තය. කොළඹ වීදිය සදළුතලය අඩි 18ක්‌ දිගට සහ අඩි 5ක්‌ පලලින් යුක්‌තව තිබී ඇත. උතුරු පැත්තට කෙළවර කතරගම් දේවාල පටුමග පිsහිටා ඇත. ඉහළ මාලයේ ලොබිය හා උතුරු ප්‍රදේශයේ කවුළු දෙකකින් කතරගම දේවාලයට මුහුණලා තිබීම එම ප්‍රදේශයේ වලව්ව ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක්‌ හෝ විවෘත ප්‍රදේශයක්‌ වු බවට සාක්‍ෂියකි.

ඒa කෙසේවතුදු අතීත අපගේ රාජ්‍ය නිලධාරීන් ඇතුළු ප්‍රභූ පිරිස්‌ හා ජනතාව පිළිබඳ සාක්‌ෂියක්‌ වන මෙවැනි උරුමයන් පිළිබඳව අනාගත පරපුර දැනුවත් කිරීමට සහ සංරක්‌ෂණය කර වීමට අප උනන්දු වන්නේ නම් එය ජාතියට කරනු ලබන මහත්ම සේවයකි. වැලලී ගිය අතීතය වර්තමානයෙA තවත් වනසා නොදමා අනාගතය උරුමකර දීමට අපගේ අභිප්‍රායයි.

ස්‌තූතිය

නි. අධ්‍යක්‌ෂ තුමිය ජා:ලේ: දෙපාර්තමේන්තුව
අධ්‍යක්‌ෂතුමා/කාර්යක්‌ෂම සංස්‌කෘතික ත්‍රිකෝණය මහනුවර


 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.