ගිය ආණ්‌ඩුවේ අයගේ චෝදනා විභාග කිරීමට උසාවිත් මදි
- ඇමැති කිරිඇල්ල

අකිත පෙරේරා

පැවැති රජයේ මැති ඇමැතිවරුන්ට තිබෙන චෝදනා කොතරම් ද කියනවා නම් ඒවා විභාග කිරීමට උසාවිත් මදි. නීතිඥයෝත් මදි.. යෑයි වැවිලි කර්මාන්ත ඇමැති ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (16 දා) සිරිකොත මාධ්‍ය හමුවකදී කීය.

රාජ්‍ය අංශයේ සිදුව ඇති වංචා දූෂණ පිළිබඳව සොයද්දී ''කුට්‌ටම කොහොම ඇනුවත් මතුවන්නේ පසුගිය රජයට සම්බන්ධ දූෂිතයන්" යෑයි ද හෙතෙම මෙහිදී පැවැසීය.

එම දූෂිතයන් පිළිබඳව වත්මන් රජය විසින් විමර්ශනය කරනවිට දේශපාලන පළිගැනීම් සිදු කරන බව කියමින් හිටපු ජනාධිපති සහ ඔහුගේ ගෝලබාලයන් පන්සල් ගාණේ යන බව පැවැසූ ඒ මහතා වරක්‌ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මිය රනිල් වික්‍රමසිංහ මහතාට චෝදනා නඟද්දී ඒ මහතා ඒවාට නොබියව පෙනී සිටි බවද සිහිපත් කළේය.

එහෙත් පසුගිය රජයේ හිටපු නායකයන් පරීක්‍ෂණවලට බියේ සැඟවෙන බව කී කිරිඇල්ල ඇමැතිවරයා එවැනි අය පසුගිය කාලයේ සිල් රෙදි බෙදීම සඳහා පමණක්‌ රුපියල් ලක්‍ෂ 6,000 ක්‌ වියදම් කර තිබෙන බවද කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.