අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ
ජනපති හෑල්ලු කර එජාපය දිනවීමයි

- ශ්‍රීලනිප භාණ්‌ඩාගාරික ඇමැති එස්‌. බී. නාවින්න

ප්‍රියදර්ශන ලියනගේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාස කරමින් ජනාධිපතිවරයා හෑල්ලුවට ලක්‌කර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දුර්වල කොට ඉදිරි මහ මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂයේ ජය තහවුරු කිරීම අභයාරාම කුමන්ත්‍රණකරුවන්ගේ සැලසුම වී ඇතැයි ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ භාණ්‌ඩාගාරික කම්කරු අමාත්‍ය එස්‌. බී. නාවින්න මහතා 'දිවයිනට' ඊයේ (16දා) පැවසීය.

වැඩි දුරටත් කරුණු දැක්‌ වූ ඇමැතිවරයා සුළු පිරිසක්‌ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියට දමා ගෙන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ විනය කඩමින් දේශපාලන නාඩගමක්‌ නටන බවද ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය යනු විනයගරුක ප්‍රතිපත්තිගරුක තිබෙන රටේ ජනාධිපතිවරයා සභාපති ධුරය දරන ලංකාවේ විශාලතම දේශපාලන පක්‍ෂය බවද කීය.

ජනවාරි අටවෙනිදා පැවැති ජනාධිපති වරණයෙන් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා පරාජයට පත් වුණා. හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්න ඊයේ පැවැති ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ හමුවේදී ජනාධිපතිවරයා කමිටුවක්‌ද පත් කළා. ප්‍රශ්නයක්‌ තිබෙනව නම් ඒවා සාකච්ඡා කරලා විස¹ ගත යුතුයි. රට වටේ රැස්‌වීම් තියලා මන්ත්‍රීවරුන් අවුස්‌සලා ජනාධිපතිතුමාට සහ ඇමැතිවරුන්ට අපහාස කරලා ප්‍රශ්නවලට විසඳුම් සෙවිය නොහැකි බවද ඇමැතිවරයා පැවසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.