ඉදිරි මැතිවරණය අවසන් වූ වහාම ඉන්ධන මිල වැඩිවීම අනිවාර්යයි
- පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

ශ්‍යාම් නුවන් ගනේවත්ත

ඉදිරි මැතිවරණය අවසන් වූ වහාම ඉන්ධන මිල වැඩි කිරීමට සිදුවීම අනිවාර්ය කරුණක්‌ යෑයි විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා "දිවයින"ට කීවේය.

දැනටමත් සෑම පෙට්‍රල් ලීටරයකින්ම තෙල් සංස්‌ථාවට රුපියල් 30 ක්‌ පාඩු වන බවත් ඒ පාඩුව දරන්නේ මහජනතා විසින් බවද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

මේ වන විට ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වැඩිවීම නිසා මෙසේ තෙල් අලෙවියෙන් පාඩු සිදු වෙමින් තිබෙන බවද, මේ නිසා ඉන්දියන් තෙල් සමාගම තෙල් සැපයුම සීමා කරනු ලැබ ඇති බවද බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කීවේය.

රුපියල පිරිහෙමින් තිබෙන බවත් මේ යන විදියට ගියොත් මේ වසර අගදී ඇමෙරිකානු ඩොලරයක අගය රු. 150 දක්‌වා ඉහළ යනු ඇතැයිද ඒ හරහා ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ගණන් තවදුරටත් ඉහළ යනු ඇතැයිද බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් "දිවයින"ට කීවේය.
 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.