මහ මැතිවරණයට තනිව තරග කිරීමේ අදහසක්‌ ෙµdන්සේකා තුළ තිබෙනවා.
- පළාත් සභා මන්ත්‍රී අසංග තිලකරත්න

සිරිල් විමලසුරේන්ද්‍ර

ඉදිරි මහ මැතිවරණයේදී ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂය කිසිදු පක්‌ෂයක්‌ සමග හවුලේ තරග නොකර පක්‌ෂයක්‌ වශයෙන් තනිවම තරග කිරීමේ අදහසක්‌ පක්‌ෂයේ නායක µSල්ඩ් මාර්ෂල් සරත් ෙµdන්සේකා මහතා තුළ තිබෙන බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ මහනුවර දිස්‌ත්‍රික්‌ නායක පළාත් සභා මන්ත්‍රී නීතිඥ අසංග තිලකරත්න මහතා පවසයි.

මහනුවර දිස්‌ත්‍රික්‌ නායක මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂයේ හාරිස්‌පත්තුව ආසන සංවිධායක වූ නීතිඥ අසංග තිලකරත්න මහතා සිය පක්‌ෂ ප්‍රචාරක කාර්යාලය හාරිස්‌පත්තුවේ ගොහාගොඩ දී විවෘත කර තිබේ.

මැතිවරණයකදී තවත් අය සමග හවුලේ තරග කිරීමේ අවශ්‍යතාවක්‌ නැති බව පක්‌ෂ නායකවරයා පවසන බව නීතිඥ අසංග තිලකරත්න මහතා තම ඉදිරි වැඩපිළිවෙළ විස්‌තර කරමින් පැවැසීය.

රටේ වත්මන් තත්aත්වය ගැන බලන විට විශාල කනස්‌සල්ලක්‌ ඇතිවන බව අසංග තිලකරත්න මහතා පවසයි.

මහජන නියෝජිතයන් වූ විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් හා ඇමැතිවරුන් වූ විට මෙන්ම රජයක්‌ වූ විටද ජනතාවට උපරිම සේවය කළ යුතුය. දැන් ඇසෙන්නේ දකින්නේ මහජනයාට සේවය කිරීමට වඩා විශ්වාසභංග යෝජනා ගැන යෑයිද පැවැසීය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.