සීඅයි තනතුරු නොලැබී අයිපීලා නොසතුටින්

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා

වසර ගණනාවක්‌ තිස්‌සේ පොලිස්‌ පරීක්‍ෂක (අයිපී) තනතුරේ හිඳිමින් රාජකාරිය අකුරටම ඉටුකළ බවත් එහෙත් තවමත් තමන්ට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක (සීඅයි) තනතුරට උසස්‌ නොකරමින් අසාධාරණයක්‌ සිදුකර ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂකවරු පවසති.

පසුගියදා පොලිස්‌ පරීක්‌ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තනතුරට උසස්‌ කිරීමේදී පවා තමන්ට අසාධාරණයක්‌ සිදු වූ බවද අසාධාරණයට ලක්‌ වූ පොලිස්‌ පරීක්‍ෂකවරු කියති.

ඇතැම් පොලිස්‌ පරීක්‍ෂකවරුන් වසර 10 කටත් අධික කාලයක්‌ තිස්‌සේ එම තනතුරේම රැඳී සිටින නමුත් තවමත් ඔවුන් ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තනතුරට උසස්‌ නොකිරීම සම්බන්ධයෙන් කලකිරීමට පත් වී සිටිති.

හැකි ඉක්‌මනින් තමන් පොලිස්‌ පරීක්‍ෂක තනතුරේ සිට ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක තනතුරට උසස්‌ කරන්නැයි අසාධාරණයට ලක්‌ වූ බව කියන පොලිස්‌ පරීක්‍ෂකවරු පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතාගෙන් ඉල්ලා සිටිති.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.