චන්ද්‍රිකා වැවේ බැම්මේ කැළි කසළ මෙටි්‍රක්‌ ටොන්. 06ක්‌

ඉකුත් 5 වැනි දිනට යෙදී තිබූ ජගත් පරිසර දිනයට සමගාමීව ඇඹිලිපිටියේ චන්ද්‍රිකා වැවේ බැම්ම ආශ්‍රිත ප්‍රදේශය පවිත්‍ර කිරීමේ කටයුතු ඇඹිලිපිටියේ එස්‌. පවර් ආයතනයේ කළමනාකාර සිසිර අබේකෝන් මහතාගේ මඟපෙන්වීම යටතේ එහි කාර්ය මණ්‌ඩලය විසින්a සිදුකරනු ලැබීය.

ඇඹිලිපිටිය නගර සභාව මහවැලි අධිකාරියද එයට සහයෝගය දැක්‌විය. මෙහිදී චන්ද්‍රිකා වැව වේල්ල දෙපස තිබූ පොලිතින්, වතුර බෝතල් හා වීදුරු බෝතල්, ඇතුළු අපද්‍රව්‍ය මෙ. ටො. 6 කට ආසන්න ප්‍රමාණයක්‌ ඉවත්කරන ලදී.

ඇඹිලිපිටිය ප්‍රදේශයට ඉතා ප්‍රයෝජනවත් හා දර්ශනීය ස්‌ථානයක්‌ වන චන්ද්‍රිකා වැව ජලාශය අවට පිරිසිදුව තබා ගැනීම, පැමිණෙන සංචාරකයන්ගේ යුතුකමක්‌ බවත්, කලක්‌ තිස්‌සේ එකතුවී තිබූ පරිසරයට හානිදායක දේ එකතු කර ඉවත් කිරීමේ ශ්‍රමදානය සංවිධානය කළ එස්‌ පවර් ආයතනයේ කාර්ය මණ්‌ඩලයේ කැපවීම අගය කරන බවත්, නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර තිලක්‌ රණසිංහ මහතා එහිදී පැවැසීය.
කුට්‌ටිගල - දම්මුල්ලේ - සේන වී. ගමගේ

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.