කොමිටි නිර්දේශයක්‌ කියා ඉතිහාසය විෂය
පාසල් විෂය මාලාවෙන් ඉවත් කළා

ඔන්න රටකට ගිය කල!

ගම්පහ සමූහ - සුසිල් රණමුක

පාසල් ළමුන් සඳහා නිවැරදිව පෙළ පොත් සම්පාදනය විය යුතු බවත් 10 වැනි ශ්‍රේණිය සඳහා ප්‍රකාශයට පත් කර ඇති ඉතිහාසය පෙළ පොත දොaෂ සහිත එකක්‌. එවැනි වැරදි පොතක්‌ ළමයින්ට කියවන්නට ඉඩ නොදිය යුතුයි. මේ ගැන "දිවයින" පුවත්පතට විශේෂ ලිපියක්‌ ලිව්වා එම ලිපියද කියවලා බලන්න සුදුසු යෑයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු උප කුලපති, ප්‍රංශ - ශ්‍රී ලංකා හිටපු තානාපති, අභයගිරි කැනීම් ව්‍යාපෘතියේ අධ්‍යක්‍ෂ, ඉතිහාසය පිළිබඳ සම්මානිත මහාචාර්ය එස්‌. බී. හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

මහාචාර්ය හෙට්‌ටිආරච්චි මහතා මෙම අදහස්‌ පළ කළේ මාධ්‍යවේදී සිසිර කුමාර කුරුප්පුආරච්චි මහතා විසින් ලියූ "මහා වංශයට එහා වංශය" ග්‍රන්ථය එළිදැක්‌වීම නිමිත්තෙන් ගම්පහ තරුණ බෞද්ධ සංගම් ශ්‍රවණාගාරයේ පැවැති උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමිණි.

මෙම උත්සවය අත්තනගල්ල වාරණ පිලංකඩ තාපස මහා අසපුවේ පූජ්‍ය ගාල්ලේ හසිත තාපසයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී තවදුරටත් කතා කළ මහාචාර්ය හෙට්‌ටිආරච්චි මහතා අද ඇත්ත ඉතිහාසය වහලා. ථෙරවාදය ගැන කතා කරනවා. ලංකාව කියන්නේ ථෙරවාද බුදු දහම නොවෙයි. අන්තර් ජාලයේ අද බුදු දහම ගැනයි බුදුන් වහන්සේ ගැනයි. ඉතිහාසයයි පටලවාගෙන වැරදි මත පළ වෙනවා. ඉතිහාසය ආරක්‍ෂා කිරීම සඳහා කිසිම පදනමක්‌ හදලා නෑ. නිවැරදි පෙළපොත් සම්පාදනය සහ නව අධ්‍යාපන ඇමතිතුමාගේ වගකීම කියලා මම ලිපි පෙළක්‌ පුවත්පත් වලට ලිව්වා. ඇතැම් මහාචාර්යවරු හා දේශපාලනඥයන් එකතු වෙලා ඉතිහාසය ෙ€දවාචකයක්‌ බවට පත් කළා. 1971 කැරැල්ල ඇති වුණේ මේ රටේ ළමයින්ට ඉතිහාසය උගන්වන නිසා කියලා කොමිටි නිර්දේශයක්‌ හදලා 1972 දී ඉතිහාසය විෂය පාසල් විෂය මාලාවෙන් ඉවත් කළා. ඔන්න රටට ගිය කල, ඔන්න අපූරු නිර්දේශ, වැරදි දේ වැරදි කියන්න මම බය නැතැයි හෙට්‌ටිආරච්චි මහතා කීය.

මහා වංශයට එහා වංශය කෘතිය මේ රටේ පාසල් දරුවන්ට ජනතාවට ගතයුතු හරයක්‌ ඇති ග්‍රන්ථයක්‌. සිසිර කුමාර කුරුප්පුආරච්චි මහතාගේ මෙම ග්‍රන්ථය මුලින්ම කියෙවුවේ මමයි. මේ පොතෙන් ලංකා ඉතිහාසයේ අලුත් මාවතකට ගන්න උත්සාහ කරල තියෙනවා. කතුවරයා මෙහිදී භාවිත කර ඇති ප්‍රහාරාත්මක ඇතැම් වචන ගැන මට ප්‍රකාශයක්‌ කරන්න බැහැ. නමුත් මෙම ග්‍රන්ථයෙන් රටට දී තිබෙන පණිවුඩය හරි එය මේ රටේ විද්වතුන් අතර වට මේස සාකච්ඡාවට ලක්‌විය යුතු ග්‍රන්ථයක්‌ බව මට පෙනී යනවා යෑයි කීය.

මම එංගලන්තයට ගිහින් ඉගෙන ගෙන මහාචාර්ය උපාධිය අරන් 1972 දී ලංකාවට ඇවිත් ඉතිහාසය උගන්වන්න යන කොට ඉතිහාසය විෂය නෑ. ඊට පස්‌සේ අපි අරගල පටන් අරගෙන අද ඉතිහාසය විෂය හර විෂයක්‌ බවට පත් කරල තිබෙනවා.

පූජ්‍ය ගාල්ලේ හසිත තාපසයාණන් වහන්සේද විශේෂඥ වෛද්‍ය විල්ප්‍රඩ් විඡේසිංහ, නීතිඥ බර්නාඩ් ජයතිලක, ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයේ ඉතිහාසය විෂය පිළිබඳ ගුරු උපදේශක විපුල සෙනෙවිරත්න, නිමල් රණසිංහ, මාතම්මන ගුණසේන සපරමාදු සහ මාධ්‍යවේදී සිසිර කුමාර කුරුප්පු ආරච්චි යන මහත්වරුද කථා කළහ.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.