බිරිඳ සැමියාට පිහියෙන් අනී
බීගෙන ඇවිත් කරදර කරනවාලු

ගාල්ල ලලිත් චාමින්ද සහ එස්‌ කේ කළුආරච්චි

හබරාදුව අත්තරගොඩ ප්‍රදේශයේ දී බිරිඳ විසින් සැමියාට පිහියකින් ඇනීමෙන් සැමියා බරපතළ තූවාල ලබා ගාල්ල කරාපිටිය ශික්‌ෂණ රෝaහලට ඇතුළත් කොට ඇති බව හබරාදුව පොලිසිය කියයි.

බීමත්ව පැමිණෙන සැමියා බිරිඳට නිතර නිතර කරන හිරිහැර ඉවසිය නොහැකිව මෙසේ පිහියෙන් ඇන ඇති බව පොලිස්‌ පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත. හබරාදූව පොලිස්‌ ස්‌ථානාධිපති කේ කේ. පී. උදයකුමාර මහතාගේ උපදෙස්‌ පරිදි මේ පිළිබ`ද පරීක්‌ෂණ පැවැත්වූ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති ටී. ජී. රම්‍යසිරි මහතා ඇතුළු කණ්‌ඩායමක්‌ සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත්හ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.