ශ්‍රී ලංකාව සහ පාකිස්‌තානය අතර පළමු ටෙස්‌ට්‌ තරගය
කඩුල්ල පිටුපස රාජකාරිය චන්දිමාල්ට හිමිවන ලකුණු

අසේල විතාන

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර පැවැත්වෙන 18 වැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය හෙවත් දෙරට අතර පැවැත්වෙන 49 වැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අද (17 දා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

වසර 10 කට ආසන්න කාලයකදී ශ්‍රී ලංකාවේදී ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජය ගැනීමට අපොහොසත්ව සිටින පකිස්‌තාන කණ්‌ඩායම මෙවර එම ඉලක්‌කය ජය ගැනීමේ අටියෙන් තරග වැදුනද ශ්‍රී ලංකා නායකයාගේ කඳවුරෙන් ඊට අවස්‌ථාවක්‌ නොලැබෙන බව මැතිව්ගේ අදහසින් පැහැදිලි වේ.

zzඅපි ඉතාමත් හොඳ පුහුණු සැසි කිහිපයකට සහභාගි වෙලා ශක්‌තිමත්ව ටෙස්‌ට්‌ තරගාවලියට මුහුණ දීමට සූදානමින් ඉන්නෙ. නමුත් පකිස්‌තාන් කණ්‌ඩායම ඉතාමත් ප්‍රබල කණ්‌ඩායමක්‌. අපේ තණතීරුවල තරග කරාට පකිස්‌තාන් කණ්‌ඩායම කිසිදු අවස්‌ථාවක ලෙහෙසියට ගන්නෙ නැහැ. ඔවුන් කොතරම් දක්‍ෂ වුණත් අපිට තරගාවලිය ජය ගැනීමේ ශක්‌තිය තියෙනවා කියල විශ්වාස කරනවා.ZZ යනුවෙන් මැතිව්ස්‌ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ශ්‍රී ලංකාව සහ පකිස්‌තානය අතර මෙතෙක්‌ පවත්වා ඇති ටෙස්‌ට්‌ තරගාවලිය 17 දී පකිස්‌තානය අට වතාවක්‌ සහ ශ්‍රී ලංකාව හය වතාවක්‌ බැවින් ජය ගෙන තිබේ. 1982 සිට දෙරට ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගවලට සහභාගි වුවද ශ්‍රී ලංකාව පළමු වරට පකිස්‌තානයට එරෙහිව ටෙස්‌ට්‌ තරගාවලියක්‌ ජය ගැනීමට සමත් වූයේ 1995 දී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේය.

කෙසේ වෙතත් දෙරට අතර පැවැති ටෙස්‌ට්‌ තරග 48 කදී පකිස්‌තානය තරග 17 ක්‌ සහ ශ්‍රී ලංකාව තරග 13 ක්‌ වශයෙන් ජය ගෙන තිබේ. ගාල්ල ක්‍රීඩාංගණයේදී පිතිකරුවන්ට වැඩි වාසියක්‌ ගෙන දෙන තණතීරුවක්‌ වුවද දඟ පන්දු යවන්නන්ටද එය අන්තිම දින කිහිපයේදී වැදගත් තෝතැන්නක්‌ ලෙස හැසිරෙයි. ඊයේ දිනයේදී ගාලු තණතීරුවේ තණකොළ රහිත බවක්‌ දිස්‌ වූ අතර එය පිතිකරුවන්ගේ මනදෝල පිනවන්නක්‌ වනු නිසැකය.

zzඉතිහාසයේ ඉදල බැලුවහම ගාලු තණතීරුව කොහොමත් පිතිකරුවන්ට සහයෝගයක්‌ දක්‌වල තියෙනවා. නමුත් තණතීරුව කෙසේ හැසිරුණත් අපි ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න සූදානම්. අන්තිම දින කිහිපයේදී දග පන්දු යවන්නන්ට සහයක්‌ මේ තණතීරුවේ ලැබුණත් පකිස්‌තානයේ හොඳම දග පන්දු යවන්නා නැති වීම ඔවුන්ට ලොකු පාඩුවක්‌. ඒ වුණත් පකිස්‌තානයේ තවත් හොඳ දග පන්දු යවන්නන් ඉන්නවා. ඒ නිසා සුලුවෙන් හිතන්න බැහැ.ZZ යනුවෙන් මැතිව්ස්‌ වැඩිදුරටත් පැවසීය.

තවත් නොබෝ දිනකින් ගාලු ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවට සමුදීමට සූදානමින් සිටින කුමාර් සංගක්‌කාර පිළිබඳව අදහස දැක්‌වූ මැතිව්ස්‌,

zzකුමාර් සංගක්‌කාර කියන්නෙ ලෝකයේම ඉන්න විශිෂ්ට පිතිකරුවෙක්‌. ඔහු වැනි ක්‍රීඩකයකුගේ අඩුව පිරවීම කිසිවෙකුටත් පහසු කාර්යයක්‌ නෙමෙයි. කුමාර් අයියා සමුගැනීම අපිටනම් ලොකු පාඩුවක්‌. ඔහුගේ ස්‌ථානයේ ඉදිරියේදී කවුරු ක්‍රීඩා කරයිද කියල දැන්ම කියන්න බැහැ. ඒක තේරීම් කමිටුවත් සමග සාකච්ඡා කරල තීරණය කරන්න ඕන.ZZ යනුවෙන් මැතිව්ස්‌ පවසයි.

අද තරගයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කඩුලු රැකීමේ කාර්ය දිනේෂ් චන්දිමාල්ට පැවරීමට වැඩි අවස්‌ථාවක්‌ ඇති බව ඊයේ පුහුණු සැසියේදී දැක ගැනීමට හැකි විය. ඔහු අත්ආවරණ යොදා කඩුලු රැකීමේ පුහුණුවීම්වල නිරත වූ අතර අනතුරුව පිතිකරණ පුහුණුවීම්වල නිරත විය. කුසල් පෙරේරාද අද තරගයේදී ටෙස්‌ට්‌ වරම් ලැබීමට අවස්‌ථාවක්‌ ඇතැයි විශ්වාස කළත් ශ්‍රී ලංකා සංයුතියේ අවසන් 11 දෙනා තීරණය කිරීම වේලාසන වැඩි යෑයි මැතිව්ස්‌ පවසයි.

zzඅපි කණ්‌ඩායමේ අවසන් 11 දෙනා තවම තෝරල නැහැ. කොහොම වුණත් තණතීරුවල බලල අවසන් කණ්‌ඩායම තෝරන්න තේරීම් කමිටුව සමග සාකච්ඡා කරනවා.ZZ යනුවෙන් පැවසීය.

පකිස්‌තාන් නායක මිස්‌බා උල් හක්‌ පවසන්නේ ශ්‍රී ලංකා කණ්‌ඩායම සිය මව්බිමේදී ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන කණ්‌ඩායමක්‌ බවත් කුමාර් සංගක්‌කාර, ඇන්ජලෝ මැතිව්ස්‌ සහ රංගන හේරත් තම කණ්‌ඩායම තිබෙන ප්‍රධාන අභියෝගයන් බවත්ය.

ගාලු ක්‍රීඩාංගණයේදී කණ්‌ඩායම් දෙකෙම ඊයේ පුහුණුවීම්වල නිරත වූ අතර එහිදී ශ්‍රී ලංකා කණ්‌ඩායම පෙරවරු කාලයේදී සහ පකිස්‌තාන් කණ්‌ඩායම පස්‌වරු කාලයේදී පුහුණුවීම්වල නිරත විය. ගාලු ක්‍රීඩාංගණයට විනාඩි කිහිපයක්‌ ඊයේ දිනයේදී වැසි ඇද වැටුණද එය කණ්‌ඩායම් දෙකේ පුහුණුවීම්වලට බාධාවක්‌ නොවුණි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v