ලින්ක්‌ සුදන්ත දන්තාලේපයට
පෞද්ගලික දන්ත වෛද්‍ය සංගමයේ (GDPA) අනුමැතිය



GDPA සභාපති වෛද්‍ය බරාස්‌ මුක්‌තාර් මහතා සහ ලින්ක්‌ නැචුරල් ප්‍රඩක්‌ට්‌ස්‌ හි සභාපති/ කළමනාකාර අධ්‍යක්‌ෂක ආචාර්ය දේවප්‍රිය නුගවෙල මහතා අවබෝධතා ගිවිසුමට අත්සන් තබමින්.....

ලින්ක්‌ සුදන්ත දන්තාලේපය පසුගිය වසර කීපය තුළදී බිලියන ගණනාවක ශ්‍රී ලාංකීය ජනතාවගේ හදවත් වැළඳගත්තේ දිනපතා අඛණ්‌ඩ ප්‍රමිතියෙන් එහි ගුණාත්මකභාවය තහවුරු වූ බැවිනි. දැනට තිබෙන දත්ත අනුව (මූලාශ්‍රය( LMRB ගෘහස්‌ථ දත්ත සමීක්‌ෂණ වාර්තා) දන්තාලේප වෙළඳපොළේ වැඩිම වේගයෙන් වර්ධනය වන දන්තාලේපය මසේ ගෞරවය ලින්ක්‌ සුදන්ත හිමිකරගෙන ඇත. මෙම විශ්වාසයට මූලික පදනම වන්නේ ලින්ක්‌ සුදන්ත දන්තාලේපය ආයුර්වේදයේ පිළිගත් ප්‍රත්‍යක්‌ෂ ඖෂධ අඩංගු සුවිශේෂී වට්‌ටෝරුවක්‌, උසස්‌ නිෂ්පාදන ප්‍රමිතීන්ට අනුව නිෂ්පාදනය සඳහා යොදාගන්නා බැවිනි. දිගුකාලීන පූර්ණ මුඛ සෞඛ්‍යයක්‌ ලබාදීමට මෙම සුපිරි සංයෝජනයට හැකියාවක්‌ ඇති බව දැන් හොඳින් තහවුරු ව ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පවත්වන ලද සායනික පරීක්‌ෂණයේ ප්‍රතිඵලවලට අනුව, ලින්ක්‌ සුදන්ත දන්තාලේපය භාවිතයෙන් මුඛයේ ඇති හානිකර බැක්‌aටීරියා වර්ධනය හා දත් මැලියම් ඇතිවීම පැහැදිලි ලෙස අවම වන බව තහවුරු වී ඇත. දත් දිරායාමට හා විදුරුමස්‌ ආසාදනයට මූලික සාධක වන්නේ හානිකර බැක්‌aටීරියා හා දත් මැලියම් බව පිළිගත් සත්‍යයකි. මෑතකදී පවත්වන ලද දෙවන සායනික පරීක්‌ෂණයකින්, ඊට අමතරව විදුරුමස්‌ ප්‍රදාහය සමනයට ලින්ක්‌ සුදන්ත දන්තාලේපයට ඇති චිකිත්සාමය හැකියාව ද තහවුරු වී ඇත.

පළපුරුදු දන්ත ශල්‍ය වෛද්‍යවරුන් අඛණ්‌ඩව පවත්වන දන්ත සායනවලදී ලින්ක්‌ සුදන්ත දන්තාලේපය නිතිපතා භාවිත කරන අයගේ මුඛ සෞඛ්‍ය ඉතා උසස්‌ මට්‌ටමක පවතින බව තහවුරු කර ඇත.

ලින්ක්‌ සුදන්ත දන්තාලේපය සඳහා පෞද්ගලික දන්ත වෛද්‍ය සංගමයේ (GDP) අනුමැතිය ලැබෙන අද දිනය, අපගේ ගමන් මගේ ඉතාමත් වැදගත් සන්ධිස්‌ථානයක්‌ වන බව නිසැකය. පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තිකයන්, පූර්ණ මුඛ සෞඛ්‍යය රැකගැනීම තුළින් ජීවිත කාලය පුරාවටම දත් ආරක්‌ෂා කරගැනීම සඳහා මහජනයා දැනුවත් කිරීමේ ඉතා වැදගත් කාර්යයක නිරතව සිටී. දත් රැක ගැනීමේ වටිනාකමත් ඒ නිසා නිරෝගී දිවියකට ඇතිවන ප්‍රතිලාභත් කිසිම විටක අවතක්‌සේරු කිරීමට නොහැක.

පෞද්ගලික දන්ත වෛද්‍ය සංගමයේ අනුමැතිය ලැබීමත් සමඟ, ශ්‍රී ලාංකික ජනතාවගේ මුඛ සෞඛ්‍ය නංවා දී පූර්ණ මුඛ සෞඛ්‍යය දීප ව්‍යාප්ත කිරීමට ලින්ක්‌ සුදන්ත දරන වෑයමට මහත් ශක්‌තියක්‌ ලැබෙනු ඇත.

පෞද්ගලික දන්ත වෛද්‍ය සංගමය (GDP) යනු පූර්ණ කාලීනව දන්ත වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින පෞද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ වෘත්තීය ආයතනයයි. එසේම එය ශ්‍රී ලංකාවේ පෞද්ගලික දන්ත වෛද්‍ය වෘත්තිකයන්ගේ පුරෝගාමී ආයතනය වන්නේය. ලින්ක්‌ නැචුරල් සමාගමේ ඉල්ලීම මත මෙම සංගමය ලින්ක්‌ සුදන්ත දන්තාලේපය අනුමත කිරීමට එකඟ වූයේ ඉතා සුපරික්‌ෂාකාරී ලෙස කළ අධ්‍යයනයකින් පසුවයි. එහි පරමාර්ථය වූයේ ශ්‍රී ලාංකීය ජනතාවගේ මුඛ සෞඛ්‍ය නැංවීම සඳහා අත්වැලක්‌ ම වන අතර මෙය පෞද්ගලික දන්ත වෛද්‍යවරුන්ගේ සියවන සංවත්සරයට සමගාමීව සිදු කෙරුණි.

ආයුර්වේදයේ මහඟු දැනුම අදට ඔබින ආකාරයෙන් භාවිත කරමින් හා නවීන තාක්‌ෂණය හා පර්යේෂණ දැනුම උපයෝගී කරගනිමින් ගුණාත්මක බවින් උසස්‌, සුරක්‌ෂිත නිෂ්පාදන පාරිභෝගිකයින් හට ලබාදීම ලින්ක්‌ නැචුරල් සමාගමේ මූලික පරමාර්ථයයි.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.