රක්‍ෂණ ඉතිහාසයේ වැඩිම බෝනස්‌ මුදල
රු. කෝටි 470ක් මෙවරත්
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ වෙතින්


ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සභාපති හේමක අමරසූරිය මහතා අතින් රක්‍ෂණ හිමියෙක්‌ ජීවිත රක්‍ෂණ බෝනස්‌ මුදල ලබාගත් අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.

ශ්‍රී ලාංකේය ජීවිත රක්‍ෂණ ඉතිහාසයේ ඉහළම බෝනස්‌ මුදල වන රුපියල් කෝටි 470ක්‌ මෙවරත් සිය ජීවිත රක්‍ෂණ හිමියන් වෙත පිරිනැමීම පසුගියදා මහත් උත්සවාකාරයෙන් මීගමුව වෙරළ උද්‍යාන භූමියේදී සිදු කෙරිණි.

පසුගිය වසර 10 පුරාවට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනය විසින් සිය ජීවිත රක්‍ෂණ හිමියන් සඳහා පිරිනැමූ මුළු බෝනස්‌ මුදලේ වටිනාකම රුපියල් බිලියන 30කි.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනයේ පුළුල් පරාසයක විහිඳුනු ආයෝජන කළමනාකරණ ශක්‍යතාව පිළිබඳ මනා උදාහරණයක්‌ ලෙස වසරක්‌ පාසා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ජීවිත රක්‍ෂණ හිමියන් වෙත ලබාදෙන මෙම බෝනස්‌ මුදල හැඳින්විය හැක.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනය අඛණ්‌ඩව සාක්‍ෂාත් කරගත් මෙම සාර්ථකත්වය පිළිබඳ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සභාපති හේමක අමරසූරිය මහතා අදහස්‌ දක්‌වමින් ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ආයතනය නිවැරැදි කළමනාකරණ උපාය මාර්ග ඔස්‌සේ නිවැරැදි දැක්‌මක්‌ සහිතව ගමන් කරන නිසා ජාතියේ විශ්වාසනීයම රක්‍ෂණ ආයතනය ලෙස වසර 53ක්‌ පුරාවට ශ්‍රී ලාංකේය ජනතාව වෙත සමීපවීමට හැකියාව ලැබුණු බවයි.

වසර 53ක්‌ පැමිණි තරගකාරි ගමන් මග තුළ දිවයින පුරා ශාඛා 124ක්‌ බිහි කිරීමටද සිය වත්කම් සම්භාරය බිලියන 143.5ක්‌ දක්‌වා වර්ධනය කර ගැනීමටද සමත් වී ඇති අතර බිලියන 66.5ක ජීවිත රක්‍ෂණ අරමුදලකින් ද බිලියන 1.8ක ජීවිත රක්‍ෂණ ඔප්පු හිමියන් පිරිසක්‌ බිහි කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ සමත්වී තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ මූල්‍ය ස්‌ථාවරත්වය, හිමිකම් ගෙවීම, පරිපාලන කටයුතු වෙනුවෙන් ජාත්‍යන්තර හා දේශීය වශයෙන් සම්මානයට පාත්‍ර වී ඇත. RRAM Raiting AAA, Fith Rating AA(LKA), World Finance Award යන සම්මානයන්ගෙන්ද පිදුම් ලැබූ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්‌ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ISO 9001-2008 තත්ත්ව සම්මානයෙන්ද පිදුම් ලැබීය.

කැප්ෂන්

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.