නව Mitsubishi වාහන 3ක්‌
යුනයිටඩ් මෝටර්ස්‌ වෙතින්


යුනයිටඩ් මෝටර්ස්‌ ලංකා පීඑල්සී සමහ ප්‍රධාන විධායක නිලධාරි / විධායක අධ්‍යක්‍ෂ චානක යටවර මහතා අදහස්‌ දක්‌වමින්... ඡායාරූප - දිමුතු ප්‍රේමරත්න

ප්‍රභාත් විතාන

යුනයිටඩ් මෝටර් ලංකා පීඑල්සී ආයතනය පසුගියදා කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පැවති උත්සවයකදී නවතම මිට්‌සුබිෂි වාහන 3ක්‌ මෙරට වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, ජපානියේ මිට්‌සුබිෂි මෝටර් සමාගමේ නියෝජිතයන්, යුනයිටඩ් මෝටර්ස්‌ ලංකා සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී චානක යටවර, ව්‍යාපාරිකය සහකරුවන්, පාරිභෝගිකයන් ඇතුළු පිරිසකගේ ප්‍රදානත්වයෙන් මෙම මිට්‌සුබිෂි වාහන හඳුන්වාදීම සිදු කෙරිණි.

මිට්‌සුබිෂි අවුට්‌ලෑන්ඩර් PHEV, මිට්‌සුබිෂි නව ගැසොලින් අවුට්‌ලෑන්ඩර් රථය හා නවතම මිට්‌සුබිෂි L200 බල් කැබ් රථය හඳුන්වා දුන් වාහන වේ.

වර්තමාන ලෝකයේ කර්මාන්ත සියල්ලම නව යුගයකට ප්‍රවිශ්ට වෙමින් පරිසර හිතකාමී බව, පිරිමැසුම්දායී බව, නාස්‌තිය අවම කරමින් වැඩි ඵලදායිතාවක්‌ අත්පත් කර ගැනීමේ නිෂ්පාදන කෙරෙහි සියලු අවධානයන් යොමු කරද්දී වසර ගණනාවක පර්යේෂණ හා අත්හදා බැලීම්වලින් පසුව ජපානයේ මිට්‌සුබිෂි මෝටර් සමාගම විසින් රථවාහන ක්‍ෂේත්‍රයේ දැවැන්ත පියවරක්‌ සනිටුහන් කරමින් ලොව ප්‍රථම ප්ලග් ඉන් හයිබ්‍රිඩ් ඉලෙක්‌ටි්‍රක්‌ විදුලි දෙමුහුන් රථය (EV), පරිසර හිතකාමී වූ රථවාන නව්‍යකරණයේ නව ඉසව් සොයා යන මෝටර් රථ රසිකයන් වෙත සාඩම්බරයෙන් පිරිනමයි. මෙම රථයේ ඉදිරිපත් කර ඇති නව මෝටර රථ තාක්‍ෂණයට අනුව EV විශේෂාංගය මගින් ඉහළ ක්‍රියාකාරීත්වයක්‌ ලබාදෙන අතර PHEV විශේෂාංගය හරහා ඉන්ධන භාවිතයෙන් මෝටර් ක්‍රියාත්මකවී බැටරිය ආරෝපනයෙන් ධවනයට බලය සැපයේ.

මෙහිදී හඳුන්වාදෙනු ලැබූ ගැසොලින් ආසන 7 අවුට්‌ලෑන්ඩර් රථය නගරබද ජීවත්වන මෝටර් රථ පාරිභෝගිකයන්ගේ රථවාහන අවශ්‍යතා සඳහා කදිමට ගැළපේ. සුපිරි ධාවනයට හා මනා හැසිරවීමේ පහසුවකින්ද යුක්‌ත වේ. සිත් බැඳ ගන්නා නව පෙනුමකින් හා නවීන අංගෝපාංග සියල්ල එක්‌තැන් වූ මිට්‌සුබිෂී ගැසොලින් අවුට්‌ලෑන්ඩර් රථය අනාගතයේ ඔබ අත්විඳීමට අපේක්‍ෂා කරන රථවාහන අත්දැකීම අදම ඔබ වෙතට පිළිගන්වයි. මෙම රථය පරිසරයට අවම බලපෑමක්‌ ඇති කරවන අතර ධාවනයක්‌ සඳහා අවශ්‍ය පරිසර හිතකාමී නවීන උපක්‍රම ඇතුළත් කර තිබේ. එමෙන්ම අවම කාබන්ඩයොක්‌සයිඩ් නිෂ්කාෂනයක්‌ හා ඉහළ ඉන්ධන පිරිමැසුම්දායී බවකින් යුක්‌තය.

මිට්‌සුබිෂි නවතම L200 ඩබල් කැබ් රථයේ ඇති සුවිශේෂයන් අතර ධාවකයන්ට උපරිම ධාවන රිද්මය අත්විඳීමේ හැකියාව සඳහා අවශ්‍ය ශක්‌තිමත් බව, ජවසම්පන්න බව, වාහනයේ ගමන් ගන්නා සියලු දෙනාට සුව පහසුවෙන් පිරි සුපිරි ධාවන අත්දැකීමක්‌ සඳහා අවශ්‍ය නවීන උපාංග, බහුකාර්ය භාවිතා සඳහා සුදුසු ලෙස නිපදවා තිබීම මෙන්ම මිට්‌සුබිෂි මෝටර් සමාගම විසින් මෙවර L200 රථය සඳහා නවීන පෙනුමක්‌ ලබාදීම පිණිස ඉදිරිපස හා පසුපස කොටස්‌ සඳහා නවතම පෙනුමක්‌ එක්‌ කර ඇත. මෙම රථයේ හැසිරවීමේ අද්විතීය පහසුව හා අධිවේගී ධාවනයේදී මනා සමබරතාව නිසා උපරිම ධාවන රිද්මයක්‌ ධාවකයාට ලබා දේ.

මෙහිදී අදහස්‌ දැක්‌වූ යුනයිටඩ් මෝටර් පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරි චානක යටවර මහතා, පරිසර හිතකාමී බව පිළිබඳ වැඩියෙන් සිතන එමෙන්ම ධාවන ක්‍රියාකාරීත්වය ගැන නිතර උනන්දු වන වර්තමාන ශ්‍රී ලාංකේය මෝටර් රථ ලෝලීන් අතර නිසැකවම මෙම රථ 3 වඩාත් ජනප්‍රිය වනු ඇතැයි විශ්වාස කරනවා යෑයි කියා සිටියේය. මෙරට රථ වාහන වෙළෙඳපොළ ප්‍රමාණයෙන් කුඩා වුවත් මිට්‌සුබිෂී මෝටර්ස්‌ සමඟ අප සම්බන්ධ වෙමින් ඔවුන්ගේ අග්‍රගණ්‍ය අලෙවි සහකරුවෙක්‌ ලෙස සමාගමේ දියුණුව සඳහා දායකත්වය සපයමින් ගෝලීය මට්‌ටමින් සැලකීමේදී ජපන් බ්‍රෑන්ඩ් නිව් වාහන අලෙවි ක්‍ෂේත්‍රයේ ඉහළ අලෙවියක්‌ වාර්තා කරන සැලකිය යුතු වටිනා සහගත අලෙවි නියෝජිතයෙක්‌ වී සිටින බවද යටවර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.