මෛත්‍රී - මහින්ද පිල් දෙකකින්
ශ්‍රීලනිපය දෙකඩ වේ

ශිරාන් රණසිංහ

මෛත්‍රී හා මහින්ද පිල ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මන්ත්‍රීවරු පිල් බෙදී සිටීම නිසා මේ වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය දෙකට කැඩී ඇතැයි එම පක්‍ෂයේ මන්ත්‍රීවරු පවසති.

ඉදිරි මහ මැතිවරණයට මහින්ද පාර්ශ්වය වෙනම තරග කිරීමට මේ වන විට තීරණය කර ඇති අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හිතවත් මන්ත්‍රීවරු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය හෝ සන්ධානය ලෙස තරග වදින බව ද ඔවුහු කියා සිටිති.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය රැකගැනීම සඳහා මහින්ද - මෛත්‍රී සමගි කිරීමේ කමිටුව පත්කළ ද දෙදෙනා සමගි කිරීමට නොහැකි වී ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කර සිටී.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.