විශ්‍රාම වැටුප ගන්න මැ. කො. අත්සන් තබයි

රනිල් ධර්මසේන

මැතිවරණ කොමසාරිස්‌ මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (26 දා) විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ගොස්‌ සිය විශ්‍රාම වැටුප් ලේඛනවලට අත්සන් තැබීය.

කොමසාරිස්‌වරයා ඉකුත් 6 වැනිදා විශ්‍රාම ලැබූ නමුත් ස්‌වාධීන මැතිවරණ කොමිසම ස්‌ථාපිත කරන තෙක්‌ එම තනතුරෙහි රාජකාරි කළ යුතු වෙයි.

මැතිවරණ කොමිසම පිහිටුවන තෙක්‌ ඉදිරි මහ මැතිවරණය කොමසාරිස්‌වරයා යටතේ පැවැත්වෙනු ඇත.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.