මාණ්‌ඩලික නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප 3000- 15000කින් වැඩිවේ

සිරිමන්ත රත්නසේකර

විශ්‍රාමික මාණ්‌ඩලික නිලධාරීන් සඳහා මාසිකව රුපියල් තුන්දහස සිට පහළොස්‌දහස දක්‌වා දීමනාවක්‌ ලබාදීමට අදාළ විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය ඊයේ (26 වැනිදා) නිකුත් කළ බව රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලන පිළිබඳ අමාත්‍යාංශ ලේකම් ෙ-. දඩල්ලගේ මහතා සඳහන් කළේය.

අවුරුදු හයට අඩු මාණ්‌ඩලික නිලධාරීන්ට රුපියල් තුන්දහසක්‌ද, අවුරුදු හය සහ එකොළහ දක්‌වා රුපියල් පන්දහසක්‌ද අවුරුදු දොළහේ සිට දහනවය දක්‌වා රුපියල් දසදහසක්‌ද සහ අවුරුදු දහනවයට වැඩි නිලධාරීන් සඳහා රුපියල් පහළොස්‌ දහසක දීමනාවක්‌ද මෙසේ ගෙවන බව ලේකම්වරයා කියා සිටියේය.

වැටුප් විෂමතා ඉවත් කිරීමේ නව චක්‍රලේඛය යටතේ විශ්‍රාමිකයන් තුන්ලක්‌ෂ විසිදහසකගේ වැටුප් විෂමතා ඉවත් වන බවද හෙතෙම කීවේය.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.