2015 ජුලි 09 බ්‍රහස්‌පතින්දා

 
 

    
   Divaina Editor
    contact webmaster
   

ඡන්ද ප්‍රචාරක වැඩවලට
පාතාල කල්ලි පහක්‌ බහී

මහ මැතිවරණය සඳහා තරග වදින ප්‍රබල දේශපාලනඥයන් පිරිසක්‌ සිය ප්‍රචාරක කටයුතු සඳහා නමගිය පාතාල කල්ලි පහක සහාය ලබා ගැනීමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි.

මහින්දට නාමයෝජනා දීමට කිසිම කොන්දේසියක්‌ නෑ
- ශ්‍රීලනිප මහ ලේකම්
අනුර ප්‍රියදර්ශන යාපා
ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය තුළ තිබූ මතවාද සියල්ල අවසන් වී සියලු දෙනා එක කණ්‌ඩායමක්‌ ලෙස මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කරන බව ශ්‍රීලනිප ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.

මරණ දඬුවම නියම වූ
මාවනැල්ල හිටපු සභාපති ඇපෑලෙන් නිදහස්‌
පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමේ චෝදනාවකට කෑගල්ල මහාධිකරණයේදී මරණ දඬුවම නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කෝරලගේගෙදර පියතිස්‌ස (එජනිස) අභියාචනාධිකරණය ඊයේ (08 දා) එම චෝදනාවෙන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය.

දේශපාලන ප්‍රබලයකුගෙන් පාතාල කෙරුමන්ට සුපිරි සාදයක
ගම්පහ දිස්‌ත්‍රික්‌කයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන කොළඹට තදාසන්න ප්‍රදේශයක ප්‍රබල දේශපාලනඥයකු පෙරේදා (07 දා) රාත්‍රි නමගිය පාතාල කෙරුමන් කිහිප දෙනකු සමග ඔවුන්ගේ ගෝලබාලයන් රැසක්‌ සිය නිවසට කැඳවා සුපිරි සාදයක්‌ පවත්වා තිබේ.

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට එරෙහි ඇල්ලේ හිමියන්ගේ
සහ කාලෝගේ පෙත්සම විභාගයට තීරණය කෙරේ
මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය නීති විරෝධී බැවින් එය පිහිටුවීමට අදාළව පොලිස්‌පති නිකුත් කළ ගැසට්‌ නිවේදනය බලරහිත කොට අවලංගු කරන්නැයි ඉල්ලා ඇල්ලේ ගුණවංශ හිමි සහ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ගොනු කළ පෙත්සම පිළිබඳ සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට අභියාචනාධිකරණය ඊයේ (8 දා) තීරණය කළේය.

කඳසුරිදුනි ඔබේ ඔද තෙද දැක හද පබිදුණු සිතැතින් පුද දෙමු බැතියෙන...
රුහුණු කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යය සඳහා නැඟෙනහිර පළාතේ සිට පාද වන්දනාවේ පැමිණි හින්දු බැතිමතුන් 1500 ක්‌ පමණ ඊයේ (08 දා) ඔකඳ දේවාලය වැඳපුදා ගෙන කුමන ජාතික වන උද්‍යානය හරහා ගමන් කළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ. ඡායාරූපය- කතරගම කේ.ඩී. දේවප්‍රිය

අලියාගෙන් ගැලවී මු.කො. තනිවම එයි
මෙවර මහ මැතිවරණයට එක්‌සත් ජාතික පක්‍ෂයේ අලියා ලකුණින් තරග කිරීම සඳහා මුලදී එකඟතාවකට පැමිණ සිටි ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය දැන් තනිවම තරග කිරීම පිළිබඳව පක්‍ෂය තුළ සාකච්ඡා කරමින් සිටින බව මුස්‌ලිම් කොංග්‍රස්‌ ආරංචි මාර්ග කියයි.

තැපැල් ඡන්දය අගෝස්‌තු 5-6

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 5 - 6 දිනවලදී සිදු කෙරේ.

"මගේ රුව සහිත කටවුට්‌ ගලවන්න"
අගමැති ලේකම්ට
රනිල්ගෙන් උපදෙස්‌

තමන්ගේ රුව සහිතව ප්‍රදර්ශනය කර ඇති සියලුම කටවුට්‌ වහාම ගලවා ඉවත් කරන්නැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලේකම්වරයාට උපදෙස්‌ දී ඇත.

මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ප්‍රකාශයට පත් කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළ යටතේ අද (9 දා) සිට ලබන මස 8 වැනිදා දක්‌වා කාලය මත්ද්‍රව්‍ය නිවාරණ මාසය ලෙස ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිද කිරීමට නියමිතය.

  • කෝප් වාර්තාව අරබයා අගමැති
    රනිල් සමඟ විවාදයකට සූදානම්

    ඩිව් ගුණසේකර
    මහ බැංකුවේ බැඳුම්කර විකිණීමේ සිද්ධිය පිළිබඳව කෝප් අනුකමිටුව විසින් පරික්‍ෂණ පවත්වා සකස්‌ කළ වාර්තාව, වංචනික වාර්තාවක්‌ බවට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය තමා තරයේ ප්‍රතික්‍ෂේප කරන අතර ඒ සම්බන්ධයෙන් ඔහු සමග ප්‍රසිද්ධ විවාදයකට තමා සූදානම් බව කෝප් කමිටුවේ හිටපු සභාපති හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පැවසීය.
 
  • රු. දහසක දිනක වැටුප ඉල්ලන
    වතු කම්කරු සටන 3 වැනි දිනටත්

    පාලන පක්‍ෂයේ අණ නොතකා වතු කම්කරුවන් විසින් සෙමින් වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය 3 වැනි දිනටත් ඊයේ දිනයේ දීද (8 වැනි දින) සිදු කළ අතර තේ කර්මාන්ත ශාලා වසා දැමීම හේතුවෙන් කඩන ලද තේ දලු තේ කර්මාන්ත ශාලාව අසල මාර්ගයේ ගොඩගසා තිබෙනු දැකිය හැකිවිය.වතුකම්කරු දෛනික වැටුප රුපියල් දහස දක්‌වා වැඩිකරන ලෙස...

 

 
  • ඩොලර් මිලියන 1.85ක වාසියකින් සැනසී
    ඉන්දීයාව සමග තරගාවලියේ අර්බුදය නිමවෙයි

    තරග කාල සටහනත් වෙනස්‌වෙයි
    ඉන්දීය ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයෙහි රූපවාහිනී විකාශන අයිතිය සම්බන්ධව පැන නැගී තිබූ ගැටලුකාරී තත්ත්වය නිරාකරණය කරගනිමින් ඉන්දීය රූපවාහිනී විකාශන සමාගමක්‌ වන එම්. එස්‌. එම්. ඉන්ඩියා ආයතනයට ලබාදීමට වත්මන් අතුරු කමිටුව තීරණය කර තිබේ.ලබන අගෝස්‌තු මසට යෙදී ඇති අදාළ තරගාවලිය ශ්‍රී ලංකා තරග කාල සටහනෙහි නොතිබූ...

  

Kapruka Shopping |  News





 
 contact divaina

 

Powered By -

සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.