මරණ දඬුවම නියම වූ
මාවනැල්ල හිටපු සභාපති ඇපෑලෙන් නිදහස්‌


සරත් ධර්මසේන

පුද්ගලයකු වෙඩි තබා මරා දැමීමේ චෝදනාවකට කෑගල්ල මහාධිකරණයේදී මරණ දඬුවම නියම වූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කෝරලගේගෙදර පියතිස්‌ස (එජනිස) අභියාචනාධිකරණය ඊයේ (08 දා) එම චෝදනාවෙන් නිදොස්‌ කොට නිදහස්‌ කළේය.

අභියාචනාධිකරණය විත්තිකරු එලෙස නිදහස්‌ කිරීමට තීරණය කළේ 2013.06.05 දින කෑගල්ල මහාධිකරණය දුන් නඩු තීන්දුවට එරෙහිව ඔහු විසින් ගොනු කර තිබූ ඇපැල් පෙත්සම විභාග කිරීමෙන් අනතුරුවයි.

එච්. එන්. ඩී. පෙරේරා සහ චන්ද්‍රා ජයතිලක යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ ඇපෑල විභාග විය.

කෑගල්ල මහාධිකරණයෙන් විත්තිකරුට සාධාරණ නඩු විභාගයක්‌ ලැබී නැති බවත්, ඉදිරිපත් වී ඇති සාක්‍ෂි පරස්‌පර විරෝධී බවත් සාධාරණ සැකයෙන් තොරව නඩුව ඔප්පු වී නැති බවත් අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවේ සඳහන් වේ.

අධිනීතිඥ නෙරන්ජන් ජයසිංහ මහතා විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේය.

2003 පෙබරවාරි 12 දා මිනීමැරුම සිදුවී ඇත. කේ. කපිල කුමාර ප්‍රියන්ත පද්මසිරි නමැති අය එහිදී මියගොස්‌ තිබේ.

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.