තැපැල් ඡන්දය අගෝස්‌තු 5-6

රනිල් ධර්මසේන

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන මස 5 - 6 දිනවලදී සිදු කෙරේ.

පාසල් ගුරුවරුන්ට පමණක්‌ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ලබන මස 03 වැනිදා සිදුකරන බව මැතිවරණ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ පැවැසීය.

තැපැල් ඡන්ද අයෑදුම්පත් ලබන 14 වැනිදා හෝ ඊට පෙර සියලු තේරීම් භාර නිලධාරීන් වෙත යොමු කළ යුතු වෙයි.

තැපැල් ඡන්ද නාම ලේඛන සහතික කිරීම ලබන 22 වැනිදා සිදු කිරීමට නියමිත අතර අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා පැකට්‌ ලබන 24 වැනිදා අයෑදුම්කරුවන්ට යෑවීමට තැපැල් දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය.

 

 
Powered By -


සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.